වසන්ත නමස්කාර ගේ 339 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලියමින්, සිතමින් කාලය ගතවෙමින්


සාහිත්‍ය කෘති පරිහරනයෙන් සමාජය වේගයෙන් බුද්ධිමත් වන අතර මා බුදිධි හීන මෝඩයෙකු බවට පත්වෙයි. එය මා හට මහත් ගැටලුවකි.
මහා සහිත්‍ය ධරයන් සහ විද්වතුන් ලගට යනවිට ඔවුන් තුලින් හදුනාගත නොහැකි ආකාරයේ අත්භූත සංරචනයක් මා හට පෙනෙයි. ප්‍රථම වතාවට මා මෙය දැක්කේ මහාචාරය සුනිල් ආරියරත්න ගෙනි. ඔහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී මගේ ප්‍රථම සිතුවම් ප්‍රදර්ශනය විවෘර්ත කිරීමට මගේ මිතුරෙකු යැයි මා සිතන දැනට සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල් විසින් කැදවාගෙන ආවේය.
එවකට සුනිල් ආරියරත්න ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල මහාචාර්ය වරයාය. හිනිදුම සුනිල් සිංහල අධ්‍යයනාංශයේ සිසුවෙකි. එවකට මා එම විශ්ව විද්‍යාලයේම සමාජ විද්‍යාව හා මානව විද්‍යාව හදාරයි.
පසුකාලයේ දී සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල් ගෙන්ද මෙම අත්භූත සංරචනය මා දුටුවෙමි. පසුව බොහෝ සාහිත්‍ය ධරයින්, ලේඛකයින් සහ විද්වතුන් වගේම සමාජයේ කැපීපෙනෙන බොහෝ චරිත තුලින් මේ අත්භූත සංරචනය දැක්‍කෙමි. මෑතදී ආචාරය සුනිල් විජේසිරිවරධන ගෙන්ද මෙම අත්භූත සංරචනය දුට්වෙමි.
තද කලු සහ අදුරු වර්ණයන්ගෙන් සමන්විත මෙම සංරචනය ගුප්ත සහ භයංකාර ස්වභාවයක් පෙන්වයි. එහෙත් එම ගුප්ත, භයංකාර සංරචනය වටා ඉතා සියුම් වර්ණවත් පටලයක් තිබෙයි.
මා ඒ සියල්ල සිතුවම් ගතකර ඇත. මා බොහෝ කලක සිට ඒ සංරචනයන් මානව චර්යාවන් සමග සසදමින් සමාජ විද්‍යාත්මක අධ්‍යයයනයක නිරත වී සිටියි. ඒ මාගේ විනෝදය සහ වින්දනය පිනිසය. සමහර සිතුවම් මිලදී ගන්නා අයද සිටියි.
ඇයි ඔය චිත්‍රය මිලදී ගන්නෙ. යැයි ඔවුන්ගෙන් ඇසූවිට ඔවුන් පවසන්නේ තමන් එයට කැමති බවයි. එහෙත් සිතුවම තුල පවතින මේ කාරනය ඔවුන් දන්නේ නැත.

Comments