වසන්ත නමස්කාර ගේ 340 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය
කලා ප්‍රදර්ශනය.
විජයග්‍රහනයේ සිනා රැල්ල
සාහිත්‍ය කලාවන් පරිහරනය කරනවිට සමාජය මහා බුද්ධිමතුන්
බවට පත්වෙයි. එහෙත් මා පට්ට මෝඩයෙකු බවට පත්වෙයි. මෙය මාගේ ජානගතවූ වැරැද්දක් දැයි
නොතේරේ. සමාජයේ සාහිත්‍ය කලාවන් කියවන බොහෝ බුද්ධිමතුන් සමග කතාබහ කල නොහැක. හප්පේ
ඔවුන්ගේ දැණුම මගේ මෝඩකම.
එහෙත් මහා ලේඛකයින් ගේ චර්යා රටාවන් අධ්‍යයනයේ දී
පෙනීයන්නේ ඔවුන් ඔවුන්ගේ පොත්පත් පවා නොකියවන බවයි. ඔවුන්තුල මහා කියවීමක් කොහෙත්ම
නැත. ඔවුන් නිදහසේ ජීවත්වෙයි. ඔවුන් ඉගෙන ගන්නේ භාෂා රටාවන් පමනි. ඔවුන් සමග මාහට
කතා කිරීමට දෙයක් ඇත. එහෙත් මා කැමති එවැනි එවැනි ලේඛකයින් මා ඉපදීමටත් පෙර
මියගොස්ය.
කියවීම මිනිසා සම්පූර්න කරයි. මොනව කිවුවත් කියවන පොත
බිමින් තියන්නෙ නෑ ආදී කියුම් මොන පල්බොරු දැයි සිතෙයි. ඒවායේ ඉතිහාසය සොයා යනවිට
වෙනත් අවශ්‍යතාවයක් නිසා පැනනැගී ඇතිබව පෙනෙයි.
මුදලාලි කඩේ බඩු නෑ කියන්නේ නැත. මේවා ගන්න එපා කියන්නත්
විදිහක් ද නැත. ඒ වෙනුවට වෙනත් අදේශකයක්ද නැත. තියෙන දෙය කෙසේ හෝ විකිනිය යුතුමය.
ඒනිසා සමාජය බුද්ධිමත්වෙයි. මා මෝඩයෙකු බවට පත්වෙයි.
මගේ මිතුරා විජයගුහනයේ අව්‍යාජ සිනා රැල්ල පාන්නේ උගත්, බුද්ධිමත් සමාජයට නොවන බව මා දනිමි.
Comments
Post a Comment