වසන්ත නමස්කාර ගේ 341 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ව්‍යාජත්වයේ සිනා රැල්ල

ලංකාවේ විශ්ව විද්‍යාල තුල දැණුමෙන් හීන කථිකාචාර්ය සේවකයෝ තමා බේරාගැනීමට අප්‍රමාන සටනක යෙදී සිටියි. තමා ඉගැන්විය යුත්තේ මොනවාද කියා අන්දමන්ද වී සිටියි. තමාට වඩා දැණුම ඇත්තන් ලගට කිට්ටු වී ඒ දැණුම ලබාගෙන පසුව ඒ දැණුමෙන්ම ඔහුටම පහර දෙයි. එසේ බැරිවුවහොත් ඔවුන් දැණුම ඇති පුද්ගලයින්ට යටිඋගුල් අදියි. ඔවුන්ගේ පෞරුෂය රහසිගත උපක්‍රම මගින් වනසා දමයි.

නැතිනම් මොකක් හෝ හත්තිලව්වක් අටවා ගනියි. බැරිම වුනොත් මාරයාගේ කරේ හෝ එල්ලෙයි. ඔබ මේ අත්විදින්නේ ලක්දිව නිදහස් අධ්‍යාපනයේ අග්‍ර ප්‍රතිපලයයි.
මේ වනවිට ලොවපුරා උගතුන් බොහෝ දෙනෙක් දෘෂ්‍යමය අන්ධභාවය නැමති අසාමන්‍ය රෝගී තත්වයට ගොදුරු වෙමින් සිටියි. ඔවුන්ට කෑමට යමක් දුන්නොත් පලමුව කෑම කා දෙවනුව පිගානෙන් කෑම දුන් කෙනාගේ මුහුනට දමා ගසයි. ඒ ඔහුට යමක් ඉගැන්වීමට නොව තමා බේරා ගැනීමටයි.
මෙවැන්නන් දෘෂ්‍ය කලා නිර්මානයක් ඉදිරියේ තැබූවිට ඔවුන්ගේ ප්‍රතිචාරයන් අමුතුම ස්වභාවයක් ගනියි. ස්‍රවනය කරන්න නරඹන්න.




Comments