වසන්ත නමස්කාර ගේ 342 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දෘෂ්‍ය මය මානව විද්‍යාව


මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සමාජ විද්‍යා පර්යේෂන කරන මුවාවෙන් බොහෝ බොරු ලිවේය. ඔහු බොරු ලියූබව සොයා ගැනීමට මා හට බොහෝ වෙහෙසීමට සිදුවිය. අවසානයේ ඔහු ඔහුම ලියූ බොරු සහ සත්‍ය අතර අතරමංවිය. මනස අවුල්වී මිය ගියේය.
මහා සමාජ විද්‍යඥයා මිය ගියේ එලෙස නම් එය ප්‍රශ්ණයකි. නමුත් එදා සිදුවන්නේ කුමක්දැයි ‍තේරුම් ගැනීමට තරම් දැණුමක් නොතිබුනි. එය ඔහු සේවය කල ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයයනාංශයෙන් ද නොලැබුනි. එය අදටත් එලෙසම පවතියි. අප ඒ අධ්‍යයනාංශයෙන් ලබා ගත්තේ සමාජ විද්‍යාව හා මානව විද්‍යාව කියන නම සහ අසම්පූර්න සටහන් පමනි. එය ලංකාවේ රැකියාවක් කිරීමට ප්‍රමානවත්ය. නමුත් එය ප්‍රායෝගිකව ප්‍රගුන කිරීමට තවදුරටත් ඉගෙන ගැනීමට විශාල වෙහෙසක් ගන්නා ලදී.
ඊලගට රත්නපාල මහතාට පසු ඒ ආකාරයේම ෆැන්ටසියක් මා දුටුවේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගෙනි. මා මුලසිටම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ඉතා ආදරය කල චරිතයකි. එහෙත් අද ඔහු ෆැන්ටසියක් තුල සිටියි. මේ ෆැන්ටසිය තුල ඔහු දිගින් දිගටම ගියොත් රත්නපාල මහතා ටත් වඩා බරපතල තත්වයකට පත්වෙයි.
මා ප්‍රියකරන චරිත අසාර්ථක ලෙස මිය යනවා දැකීමට මා කැමති නැත. ඒ නිසා මහපොළවේ සිටින මා හා ෆැන්ටසියේ සිටින ඔහු අතර යුද්ධයක් පවතියි. එය අප දෙදෙනා අතර පමනි. වෙනත් කිසිවෙක් ඒ සදහා මැදිහත්කර නොගනියි.
මහා බුද්ධිමතුන් ෆැන්ටසි ගතවීම සොයා බැලිය යුතුම කාරනයකි. එය අපට දෘෂ්‍යමය මානව විද්‍යාව යටතේ සොයා බැලිය හැකිබව සිතෙයි. දෘෂ්‍යමය මානව විද්‍යාව යනු ඡායාරූප දෙස බලාගෙන ලියන්නක් නොවේ. එවැනි පොත් කීපයක් ලංකාවේ දැන් පලවී තිබෙයි. එය ඡායාරූපයෙන් බාහිරව පවතින්නකි.
මේ ඡායාරූපයේ ඉන්නේ ආචාර්ය සුනිල් විජේසිර්වර්ධන සහ නිශ්ශංක විජේමාන්න. නිශ්ශංක විජේමාන්න කියන්නෙ චිත්‍ර ශිල්පියෙක් නවකතා කෙටිකතා ආදී සාහිත්‍ය පොත් ලියන්නෙක්. සුනිල් විජේසිරිවර්ධන චිත්‍ර අදිනවාදැයි මා දන්නේ නැත. මේ දෙදෙනාගෙන් සුනිල් විජේසිර්වර්ධන ඉතා සියුම් සුමට ලෙස තමාට ගැලපෙන කරුනු පමනක් ග්‍රහනය කරගනියි. මා හිතනවා ඒනිසා යථාර්ථවා දී ප්‍රශ්ණ සහ කරුණ ඔහුගෙන් මගහැරෙන බව.
එහෙත් නිශ්ශංක සමස්ථය දෙස බලාසිට අවශ්‍ය කරුන මතුවූ විට කොටියෙක් ගොදුරක් අල්ලා ගන්නා ආකාරයෙන් ග්‍රහනයකර ගනියි. ඔහුගේ නිර්මානවල සාර්ථකත්වය එය වියහැකියි. කොටියා ගොදුර ලගට යනතෙක් නිහඩය. පනින මොහොතේ දී පමනක් නියපොතු ක්‍රියාත්මක වෙයි.
එහෙත් කොටියා කුලුහරකාට පහර දෙන්නේ තමාගේ කුරුමානම සියයට සියයක්ම සර්ථකනම් පමනි. වැරදුනහොත් කොටියාගේ මරණය නියතය.
සුනිල් විජේසිරිවර්ධන කුලු හරක් නොහදුනයි. නන්දසේන රත්නපාල මහතා කුලුහරක්තබා කොටියා ගැනවත් දැනසිටියේ නැත. දකින දකින ගොදුරට පැන්නේය. ගොදුරු නැතිවිට සිතින් මවාගත් ගොදුරට පැන්නේය.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ෆැන්ටසියෙන් ගලවාගත හැක්කේ නිශ්ශංක විජේමාන්නට පමනි. ඉස්සෙල්ලම එතුමා මහියංගනයට ගෙනගොස් මාපාකඩ වැවේ දමා නාවන්න ඔනෙ. ඉන්පසුව කෑමටිකක් දී චන්ද කින්නරයෝ හිටපු කැලේ පෙන්නන්න ඕනෙ. රෑට හදපලුවයි තනිතරුවයි පෙන්වන්න ඕනෙ. මෙය විහිලුවක් නොවේ මා දකින දෘෂ්‍යමය මානව විද්‍යාවයි.

Comments