වසන්ත නමස්කාර ගේ 345 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
ලක්දිව දෘෂ්‍ය කලාවේ විෂබීජය

කියමනක් තියෙනවා මිනිසා ඉපදී මොහොතකට පසුව කලාව ඉපදුනබව. එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා කරුනක් තමයි ඊලග මොහොතේ දී කලාවේ විෂබීජයක් උපන්බව.

කලාව පැතිරයනවාත් සමගම මේ විෂබීජයත් පැතිරගියා. විවිධාකාර රටවල විවිධ ස්වරූපයෙන් මේ විෂබීජය ක්‍රියාත්මක වුනා. ද්වේෂය වෛරය සහ කුහකත්වය පදනම් කරගත් මෙහි මූලික පදනම කමයි නිර්මාන කරුවා විනාෂ කිරීම.
යුරෝපයේ ඉතාම සීමිත චිත්‍රශිල්පීන් කොටසක් මේබව දැනසිටියා. විශාල ප්‍රමානයක් සිත්තරුන් සහ රසිකයින් මේ විෂබීජයට ගොදුරු වී වැනසුනා. එය ශාස්ත්‍රාලයීය සිතුවම් කලාව ව්‍යාප්තවූ සෑම රටකම පැතිරගියා. ඒ ඒ රටවල සාම්ප්‍රදායික සිත්තරුන් පවා මේ ක්‍රමයට ගොදුරු වුනා. විශ්ව විද්‍යාල හරහා මේ විෂබීජය පැතිර යනවිට කථිකාචාර්ය සේවකයෝ එයට හසුවුනා. එවිට ඔවුන් දෘෂ්‍යමය අන්ධ භාවයට පත්වුනා.


මේ හඩපටයට සවන් දෙන්න. එහි කතා කරන්නේ දෘෂ්‍යමය අන්ධ භාවයෙන් උග්‍රලෙස පීඩා විදින සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල්ය. ඔහු සිත්තරුන් විනාෂ කරන්නේ මුදල් උපයන බිස්නස් කරුවන්ලෙස පවසමින්. එහෙත් ඔහුගේ මූලික පරමාර්ථය තමාගේ රැකියාවටවත් සාධාරනය ඉටු කිරීම නොව අනෙකාව විනාෂකර තමාගේ හිස්බව වසාගැනීමයි.
මේ ව්‍යාජත්වය හදුනා නොගත් නිර්මාන කරුවන් පවා එයට හසුවෙනවා. ඔවුන් හිතනවා මොහු කියන්නෙ ඇත්ත තමයි කියලා. මේකා චිත්‍රය ගැන කතා නොකර චිත්‍රපටය තැන කතා කරනවා. එතැන තියෙන්නෙ කුහකත්වය. චිත්‍රය ගැන කතා කරන්න ගියොත් තමා පොල් බූරුවෙක් බව තමන්ටම වැටහෙනවා. විශ්ව විද්‍යාලයට බාහිරින් විශාල දැනුම් සම්භාරයක් නිර්මානය වනබව පෙනෙනවා. ඒ නිසා තමා බේරා ගැනීමට අනෙකාට පහර ගසනවා. නැතිනම් පුහු වර්නනා කරනවා. මෙවැන්නන් විශාල ප්‍රමානයක් ලංකාවේ ඉන්නවා.



වනාන්තර තුල තිබෙන දිය ඇලි අධ්‍යයයනය කර ඔහුගේ නිවසේ මා විසින් සකස් කල දිය ඇල්ල පවා ඔහුට නොපෙනෙන්නේ ඒ නිසාවෙනි. නැතිනම් හොදින්ම දැනගෙන එය ව්‍යාජත්වයෙන් වසා ගන්නවා.
ඔබට සිතුවමක් විකිණිය හැකිනම් එය විකුණා දමන්න. එය ව්‍යාපාරයක් උවක් ප්‍රශ්නයක් නැත. නැතිනම් දෘෂ්‍යමය අන්ධභාවයෙන් පෙලෙන හිනිදුම සුනිල් වැනි ව්‍යාජ බුද්ධියෙන් හෙබි කථිකාචාර්ය සේවකයෝ ඔබව වනසා දමනු ඇත.
ඔබ සිතුවම් අදින්නෙක්නම් මොනම හේතුවක් නිසාවත් සංකීර්ණ අධ්‍යයනයන්ගෙන් ඉවත් නොවන්න. විශේෂයෙන්ම මානව රූපය පිලිබද අධ්‍යයනයන්. මෙතැන දී ඔබ වටා බොහෝ දෙනෙක් ඒකරාෂී වනු ඇත. ඒ අතර මිනිසා ඉපදී තුන්වන මොහොතේ දී මතුවූ දෘෂ්‍ය කලාවේ විෂබීඩයන්ද අනිවාර්යයෙන් සිටිනු ඇත.
ලංකාව පුරා පැතිරගිය දෘෂ්‍ය කලාවේ විෂබීජයට බොහෝ දක්ෂ සිතිතරුන් හසුවුනා. ඔවුන් සංකීර්නවු ඇදීම් රටාවන්ගෙන් පිටපැන්නා. සමහර කපටි දර්ෂනවාදීන් විසින් සංකීර්නවු දැදීම් රටාවන් විසදමින් සිටි සිත්තරුන් එයින් ඉවත් කලා. එහි මූලික පරමාර්ථය සිත්තරා වැඩ කලොත් ඔහු කතා කලොත් තමාගේ පැවැත්ම නැතිවී යයි සිතෙන භිය නිසාවෙනි. අද එවැනි දක්ෂ සිත්තරුන් මහාචාර්ය වරුන් වී තමන්ටත් නොවැටහෙන අසන්නාටත් නොවැටහෙන බහුබූත දොඩවමින් සිටියි. සමහර මහාචාර්ය වරුන් ආගිය අතක් නැත.

Comments