වසන්ත නමස්කාර ගේ 348 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ශාස්ත්‍රාලයීය සිතුවම් කලාව


ඕනෑම කෙනෙකුට ඇදීමේ හැකියාව තිබෙයි. එසේම කල්පනා කලොත් අදින ඕනෑම දෙයක් විකිනිය හැකියි. ප්‍රශ්නය එය නොවෙයි, ශාස්ත්‍රාලයීය ඇදීමයනු කුමක්ද යන්නයි. එය බොහෝ දුර අතීතයේ පටන් විවිධාකාර හැලහැප්පීම් සහ අර්බුදයන් මධ්‍යයේ අද දියනු තත්වයකට පත්ව තිබේ.
ශාස්ත්‍රාලයීය ඇදීමේ ක්‍රමය ප්‍රගුන කිරීම ඉතාම අසීරුය. ශාස්ත්‍රාලයීය සිතුවම් කලාවේ අතීතය සොයා බලනවිට පෙනීයන ප්‍රධානම කාරනාව නම් බොහෝ සිත්තරුන් මේ ක්‍රමය පටන්ගත් තැනම අතහැර දැමීමයි. ඒ වෙනත් කසිවක් නිසා නොව එහි තිබෙන අපහසු තාවය නිසාමය.
මානව රූපය අධ්‍යයයනය ප්‍රධානකොට ඇති ශාස්ත්‍රාලයීය සිතුවම් කලාව ජීවිත පරිත්‍යාගයෙන් ඉගෙනගත යුතුය. එහි වැරදීම් තිබිය නොහැක. එය වීදුරු ප්‍රිස්මයක් මත වීදුරු බෝලයක් රදවා තබා ගන්නවා මෙන් ඉතාම අපහසු කර්යයකි.
ඔබ මේ දකින්නේ මා දන්නා තරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතාගෙන් පසුව ලංකාවේ ශාස්ත්‍රාලයීය සිතුවම් කලාව ප්‍රගුන කල දෙවැනි සිත්තරාය ලෙස මා සලකන සමීර කලුපහනයි. Sameera Kalupahana
එහෙත් ඔවුන් ගැන අධ්‍යයනයට වෙනම යාත්‍රනයක් ලංකාවේ විශ්ව විදාල පද්ධතිය තුල නැත. ඔවුන් එය ප්‍රගුන කිරීමට ගන්නාලද උත්සාහයන්, ඒසදහා කරනලද කැපකිරීම් විශ්ව විද්‍යාල විසින් සොයසොයුතුමය.
සොයා බැලිය යුතුමය.
විශේෂයෙන්ම ඔවුන්ගේ චර්යා රටාවන් වගේම ඔවුන් සමාජ ප්‍රශ්න වගේම ජීවන ප්‍රශ්න විසදන ආකාරයන් අධ්‍යයයනයන් ලංකාවේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයයනාංශ මගින් සිදුකල යුතුමය නමුත් එවැන්නක් සිදුනොවේ. එවැනි දෑ ඔවුන් දන්නේද නැත.
ඔවුන් පිලිබද අධ්‍යයයනය මානව විද්‍යා කෞතුකාගාරයකි. ලංකාවේ බොහෝ දෙනෙක් සිත්තරුන් විදිහට හදුනාගෙන තිබෙන්නේ ජාතියේ පිනෙන් පහලවූවන් ගැන පමනි.
ශාස්ත්‍රාලයීය සිත්තරුන්ගේ පැහැදිලිව හදුනා ගතහැකි ප්‍රධානම ලක්ෂනය නම් මොනතරම් මුදල් ලැබුනත් ඔවුන්ගේ ප්‍රධාන අරමුන මුදල් ඉපයීම හෝ සමාජ සම්මතයේ තිබෙන උපාධි ලබාගැනීම නොව දැදීමේ ප්‍රශ්නය විසදා ගැනීමයි. ඒ නිසාම ඔවුන්ට විශ්ව විද්‍යාලයේ දැනුම ඉක්මවාගිය තමාගේ විෂය සම්බන්ධවූ පරිපූර්න දැනුමක් තිබේ. නමුත් ඒ දැනුම ලබාගැනීමට ලංකාවේ අධ්‍යාපන සැලසුමක් නැත.

Comments