වසන්ත නමස්කරගේ 356 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ප්‍රහසනය 
විද්වතෙක් වීම



ප්‍රවීන රංගන ශිල්පී බන්දු සමරසිංහ ගේ දේශනාවලට සවන් දෙන්න. ඔහු  ගේ ප්‍රහසනයන් තුල විද්වත් කතිකාවන් තිබෙයි. මට‍ පෙනෙන්නේ ඔහු ප්‍රායෝගික සමාජ විද්‍යඥයෙකු ලෙසයි.
 බොහෝ කාරනා වලින් ඔහු සමාජ විද්‍යඥ නන්දසේන රත්නපාල මහතාටත් ඉදිරියෙන් සිටියි.
සමාජ විද්‍ය ඉතිහාසයේ එක්තරා කාලයක් තිබෙනවා සෑම කෙනෙක්ම සමාජ විද්‍යඥයෙකු ලෙස සලකා ඔවුන්ට සමාජ විද්‍යාව උගන්වා ‍අදාල සමාජ ආකෘතීන් පිලිබදව තොරතුරු ලබා ගැනීම. එය අද වනවිට සාර්ථකම පර්යේශන ක්‍රමයකි.
රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා මොනයම් අවස්ථාවක දී හෝ සමාජ විද්‍යාව ඉගෙන ගතහොත් ඔහු සමාජ විද්‍ය විෂයට නව ආකෘතියක් සැපයීම ස්තිරයි.
ප්‍රශ්නය තිබෙන්නේ ඉන්දියාවේ රාමු මන්ඩල්ට උදවු කලා මෙන් බන්දු මසරසිංහ මහතාට සමාජ විද්‍යාව ඉගැන්වීමට ලංකාවේ විශ්ව විද්‍යාල තුල මාජ විද්‍යාඥයෙකු නොසිටීමයි.


ලක්දිව සමාජ විද්වතුන් විශාල පිරිසක් මනෝ භ්‍රාන්ති වලින් පෙලෙයි. මනෝ භ්‍රාන්තීන් ගෙන් පෙලෙන ගමන් තනතුරු සදහා මාරාන්තික සටනක යෙදෙයි. පොරකයි.

Comments