කැළණි විහාරයේ සිතුවම් කිමකල ලක්දිව විහාර සිතුවම් කලාවේ
මහා සිත්තරා ලෙස සැලකෙන සෝලියස් මෙන්ඩිස් මහතා ගේ 44 වැනි අනුස්මරන දිනය වෙනුවෙන්
පවත්වන
වසන්ත නමස්කරගේ 355 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
බුදුන් අපේ පංසල් අනුන්ගෙ
බුදුන් වහන්සේ අපේ. නමුත් පංසල් අනුන්ගෙ. මේ බව තේරුම්
නොගෙන අනුන්ගේ පංසල් තුල තමාගේ ජීවිතය සිතුවම් කල සෝලියස් මෙන්ඩිස් මහා සිත්තරාට
මහා චිත්ත පීඩාවකින් යුතුව කැළණි විහාරයෙන් පිටව යාමට සිදුවිය.
ඒ සිදුවීමෙන් පසුව නැවතත් බෞද්ධ කලාවක් ගැන කතා කිරීම
නිශ්පලය. ඒ සිදුවීම තුල සියල්ලම අන්තර්ගතය.
නව කැළණි විහාරයේ ආරම්භයේ පටන් සිතුවම් නිමකිරීම දක්වාත්, එතැන් සිට අද දක්වාත් සිතුවම් සම්බන්ධ ක්‍රියාකාරී මානව
චර්යාවන් සියුම්ව සොයා බැලීමෙන්, බෞද්ධ කලාවෙන් පොදු ජනයා අපේක්ෂා කරන දෙය ඉතා පැහැදිලි වෙයි.
එහෙත් අප ඒ කාරනාවන් ඉතා පෞද්ගලික දැනුම් සම්භාරයක් ලෙස
තබා ගැනීමට තීරනය කලෙමු. ඒයට හේතුව ඒවා එකින් එක විග්‍රහ කල හොත් ලක්දිව මහා
සගරුවන ද නොවන, ලක්දිව
සැදැහැවත් උපාසක උපාසිකාවන් ද නොවන පිරිසක් මාරාන්තික ව්‍යාජ සටනකට සූදානම් වන
බැවිනි.
එහෙත් අප සාමකාමී බුද්ධිමත් පිරිසකට දැනගත යුතුම
කාරනාවක් කියමි. සෝලියස් මෙන්ඩිස් මහතා මානව රූප ඇදීම පිලිබද ශාස්ත්‍රාලයකට ඒක්
දිනක් හෝ ගියා නම්, ඔහු වැනි
සිත්තරෙක් සොයා ගැනීම පවා අපහසු වනු ඇත. සමාජ විද්‍යාව හෝ මානව විද්‍යා පොතක
පිටුවක් කියෙව්වා නම් අනුන්ගේ බිත්ති මත කරන කලාවේ ස්වරූපය ඔහුට මුලදීම අවබෝධ වනු
ඇත.
බොහෝ විහාර ආරාම වල බුදු පිලිමවල මුහුන නායක හාමුදුරුවන්
ගේ මුහුනට සමානය. එයට හේතුව නායක හාමුදුරුවෝ බුදු පිලිමයේ මුහුන ශිල්පීන් ලවා
ලස්සන කිරීමට යාමයි. එවිට සිදුවන්නේ මනෝ විද්‍යාත්මක ක්‍රියාවලියක්. බුදුන් දැක
නැති හාමුදුරුවෝ කියන්නේ අවිඥානිකව මනසේ
සකස් වන තමාගේ මුහුනේ ස්වරූපයයි. සිතුවම් සදහාද මේ ක්‍රියාවම බලපායි.
Comments
Post a Comment