වසන්ත නමස්කරගේ 358 වැනි සජීවී සමාජ සංජානන

Joyful campus


ඔබ මේ දකින්නේ ඉන්දියාවේ පූනේ විශ්ව විද්‍යාලයේ බිත්තියක අලවා තිබෙන පෝස්ටර් කීපයක්. එහි තිබෙනවා ප්‍රීතිමත් විශ්ව විද්‍යාලයක් ගැන අදහසක්.

එවැනි පෝස්ටර් ලංකාවේ විශ්ව විද්‍යාල තුල නැත.

එහි අදහස ලංකාවේ විශ්ව විද්‍යාල සදහා ගලපා ගත්තොත් නවක වදයෙන් තොර කැම්පස් එකක්. නවක වදය කියන්නේ අනෙකා පීඩනයට පත්කර සතුටක් ලැබීම. මෙය ලංකාවේ බොහෝ විශ්ව විද්‍යාල තුල තිබෙනවා.

මහා විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන් වගේම ප්‍රධාන ආගම් ගනනාවක් ක්‍රියාත්මක වන ලංකාව වගේ පුංචි රටක, විභාග ගනනාවකින් සමත්වන බුද්ධිමතුන් සිටිනා තැනක, අනෙකා හිංසනයට පත්කර සතුටක් ලැබෙන ක්‍රමයක් පවතීම ඉතාමත් බරපතල කාරනාවකි.

එය සිදුවන්නේ කෙසේ දැයි සොයා බැලීම විශාල සමාජ වෙනසකට හේතු විය හැක.




Comments