වසන්ත නමස්කර ගේ 363 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
සමාජ සමීක්ෂා
ඇටම්පිටිය, බණ්ඩාරවෙල පාරේ, බෝධිය ඉදිරිපිට, නමස්කාර එළිමහන් කලාගාරයේ දී දැන් පැවැත්වේ.

පාසැලේ ළමයින් කුණුහරුප කියමින් එකිනෙකා සමග අරගල කිරීමට පටන් ගත්තේය.
ප්‍රශ්නයේ මුල සොයා ගැනීමට බොහෝ කල් ගතවිය.
උගත් රැකියාවක් කරන එක්තරා කාන්තාවක් පවුලේ සමගිය විනාශ කරමින් කුණුහරුප කියමින් හැසිරෙන බව හදුනා ගැනීමට ලැබුනි.
පසුව ඇය  පොලීසිය මාර්ගයෙන් අංගොඩ මානසික රෝහලට යැවීමට තීරනය කෙරිනි.
පසුව මේ කාන්තාව ගැන සොයා බලන ලෙස අංගොඩ මානසික රෝහලින් බදුල්ල මානසික සෞඛ්‍ය ඒකකයට දුරකතන පනිවිඩයක් ලැබුනි.
එම කාන්තාව බැලීමට යාමට බදුල්ල මහරෝහලේ ප්‍රධාන මානසික වෛද්‍යවරයා තීරනය කරන ලදී.
ඇය මානසික රෝගියෙක් බව හදුනාගන්නා ලදී.
දීර්ඝ ප්‍රතිකාර මාලාවකින් පසුව ඇය පවුලේ සාමාජිකයිට බාරදෙන ලදී.
මෙය සත්‍ය සිදුවීමකි. සදාචාරාත්මක හේතූන් නිසා මෙය සිදුවූ ස්ථානය හෝ නම්ගම් අප ඔබට හෙලිකරන්නේ නැත.
දැන් පාසැලේ ළමයින් අරගල කරන්නේ හෝ කුණුහරුප කියන්නේ නැත.
පවුලක, ආයතනයක, ගමක අසමගිය ඇතිවන ආකාරයෙන් ගැහැණියක හෝ කිසියම් පුද්ගලයෙක් හැසිරෙනවා නම් එය මාසික රෝගයක් බව හදුනා ගන්න.











Comments