වසන්ත නමස්කර ගේ 365 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
මේ ගාය මක්කටෙයි
පසුගියදා ආරම්භ වූ මෙම  සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය     
2019 නොවැම්බර් මස 16 වැනි දින සවස 4.00 දක්වා ලක්දිව පුරාම පැවැත්වේ.

ගාය කොච්චරද කියවානම් චන්ද කොලේ දිග අඩි දෙකක් විතර වෙනවා.
තව ටික දවසක් ගියොත් ලංකා‍වෙ ජීවත් වෙන්න  පිටසක්වලකින් ජීවීන් ආනයනය කරන්න සිදුවෙනවා.
මොකද මෙහේ ඔක්කොම ජනාධිපතිවරු. 
මානසික රෝග පිලිබද දත්ත අනුව සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකුට මානසික රෝගයක් තිබෙනව.
ඒ අනුව මේ තිස්පහෙන් මානසික රෝගීන් කීයක් ඉන්නවද කියල ගනන් හදල බලන්න.
රෝගියෙක් රට බාර ගත්තොත් ගාය කොහොමද?
සෑම තත්පර 40 කට වරක් ලෝකයේ කවුරුන් හෝ සියදිවි නසා ගන්නව.
හුස්ම ගන්න තියෙන ගස්වැල් පිස්සුවෙන් වගේ කපල දානව. 
ඉහල අහසේ ඕසෝන් ස්ථරයේ විශාල සිදුරක් හැදිල.
දවසේ තුන්වේලටම කන්නෙ වස යෙදූ ආහාර.
සංස්කෘතික අරගල කුලල් කාගැනීම් කෙලවරක් නෑ.
තිස්පස් දෙනාගෙ ගායට වියදම කෝටි හයසියයි. කෝටි දාහක් ගියත් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නෙ ඉවර වෙනවනම්.  නමුත් ප්‍රශ්නෙ එතනමයි.
පිස්සෙක් ආවොත් ගාය දෙගුන වෙනව. ආවට පස්සෙ ගාය හැදුනොත් ගාය හතර ගුනයක් වෙනව.
ලක්දිව මිනිසුන් තමන් තමන්ටම ගහගෙන ගැහුවෙ කවුද කියල හොයනව.
කට්ටියම එකතුවෙලා පොදු යහපත සැලසීම කියන තනි මතයට ආවොත් විතරයි ගාය සනීප වෙන්නෙ.
ලෝක දේශ පාලනය කියන්නෙ එක්තරා විදිහක ගායක්. මේ ගායට මෙතෙක් බෙහෙතක් සොයාගෙන නැත.
ඒ නිසා ජීවත් වීම සදහා වෙනත් ආකෘතියක් උවමනා කරනවා.



Comments