වසන්ත නමස්කර ගේ 368 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව වෙද නලාව
Sri Lankan Stethoscope

පසුගියදා ආරම්බ වූ මෙම ප්‍රදර්ශනය
දිවයින පුරාම දැන් පැවැත්වේ.
අවසන් වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

මෙම ප්‍රදර්ශනය වෙනුවෙන් ඔබට කිරීමට තිබෙන්නේ ඉතාම සරල දෙයකි. එනම් වෙද නලාවක් සොයාගෙන ඒ දෙස බලා සිටීම පමනි. ඉතිරි සියල්ල ඉන්පසුව සිදුවේ.
ලක්දිව රෝහල්, වෛද්‍ය විද්‍යාල, චැනල් සෙන්ටර් සහ ප්ෆාමසි ආදී ආයතන වල වැඩ කරන සියලුම දෙනාට මෙය ඉතාම ඉතාම පහසු කාර්යයක් වනු ඇත.
ඔබ වෛද්‍යා වරයෙක් නම් ඔබට තිබෙන්නේ වැඩ කරන අතරතුර වෙදනලාව පිලිබදව අවධානයෙන් සිටීමයි. වැඩක් නැති වෙලාවට ඒ දෙස බලා සිටින්න.
විශේෂයෙන් ඔබ හෙදියක් නම්, රෝහලේ වෙනත් රැකියාවක් හෝ මොනයම් තරාතිරමක රැකියාවක් කරන පුද්ගලයෙක් වුත් ප්‍රශ්නයක් නැත. වෙදනලාව දෙස බලා සිටින්න.
වැඩක් නැතිවිට වෛද්‍ය වරුන් හෙද හෙදියන් එකතුවී වෙද නලාව මේසක් මත තබා ඒ දෙස බලා සිටින්න.
කොටින්ම ඔබ රෝහලක ප්‍රතිකාර ගන්නා රෝගියෙකු වුවත් ප්‍රශ්නයක් නැත. වෙදනලාව දෙස බලා සිටින්න.
ඔබට මින්පෙර කිසි දිනෙක අත් නොවිදි මානව රටාවන් පැහැදිලි වනු ඇත.
ඒ නිසා මෙම ප්‍රදර්ශනය දින නියමයක් නොමැතිව ලක්දිව පුරාම පැවැත්වීමට අප තීරනය කර ඇත.


































Comments