වසන්ත නමස්කර ගේ 369 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

අනාගත ලෝකයට රැකවරනය



ඔබ මේ ඡායාරූපයේ දකින්නේ සමුට්ඨාන ආයකයේ ආචාර්ය දුමින්ද වනිගසේකර මහතා මනෝ විද්‍යාව පිලිබද දේශනයක් කරන අවස්ථාවක්. අහඹුලෙස මටත් එතුමා විසින් මෙහෙයවන මනෝ විද්‍යා පාඨමාලාවට සහබාගි වීමට අවස්ථාවක් ලැබුනි.
එහි දී එතුමා අපට තේරුම් ගැනීමට අපහසු  බරපතල කාරනාවක් ඉතාම සරලව, ප්‍රායෝගිකව විසදා දුන්න.
අනාගතයේ දී මිනිසා විනාශ වීමට තිබෙන ප්‍රබල කාරනාවක් තමයි. සමාජයීය මතවාද.
එකම දෙයක් පිලිබදව අප එකිනෙකා දරන මතවාද සමාජීය අරගල දක්වා වර්ධනය විය හැකියි.
ඒ නිසා ‍මනෝ විද්‍යාත්මක උපදේශනය අනාගත ලෝකයට අත්‍යාවශ්‍යමය.
එකම දෙයක් පිලිබදව අනෙකාගේ මතය සියයට සියයක්ම වැරදි වුවත්,
ඒ මතය දැරීමට ඔහුට අයිතියක් තිබෙන බව පිලිගැනීම.
සත්‍යය වැටහෙන තුරු ඔහු මිත්‍රත්වයෙන් පිලිගැනීම.
අනෙකාගේ දැණුමට ගරු කිරීම
මානසික රෝගී ස්වභාවයන් නිසාවෙන් ගොඩනැගෙන සමාජීය මතවාද
යනාදී කාරනාවන් පිලිබදව එකිනෙකා අවබෝධයෙන් සිටීම  අනාගත ලෝකයේ ඇතිවන මතවාදී අරගලයන්ට එක් විසදුමකි.
ඊලග වැදගත්ම කාරනය නම් සතුට ලබා ගැනීම සදහා අනෙකා පාගා දැමීම, මර්ධනය කිරීම සහ ඔහුට හිමිතැන ඔහුට අහිමි කිරීම ආදී ක්‍රියාවන්ගෙන් නොව අනෙකාට උදවු කිරීමෙන් පමනක් සතුට ලබා ගැනීමයි.
සැබෑ සතුට ලැබෙන්නේ අනෙකාට උදවු කිරීමෙන් පමනි. වෙනත් මොනම ආකාරයකින් වත් සැබෑ සතුට නොලැබෙයි.
ඒ නිසා අනාගත ලෝකයට දුමින්ද වනිගසේකර මහතා වැනි ප්‍රවීන මනෝ විද්‍යා උපදේශකයින් ගේ සේවය අත්‍යාවශ්‍යය.
අනෙකාගේ මතයට ගරු කිරීම සහ කෙනෙකුට උදව්වක් කර සතුටු වීම කියන කාරනාවන් සරලව පෙනුනත් මිනිසෙකුට එය කල හැක්කේ මහා දරුණු අධ්‍යාත්මික යුද්ධයකින් පසුවය.




Comments