වසන්ත නමස්කර ගේ 376 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
අසභ්‍ය දේශපාලනය
සහ
නග්න චිත්‍රපටි 



පසුගියදා ආරම්භ වූ මෙම  සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය   
 2019 නොවැම්බර් මස 16 වැනි දින
සවස 4.00 දක්වා
ලක්දිව පුරාම දැන් පැවැත්වේ.



ලක්දිව මානව සත්වයා නග්න චිත්‍රපටි අසභ්‍ය ඒවා ලෙස හදුන්වයි. එහෙත් වර්ථමාන දේශපාලන වේදිකාව තුල මානව චර්යාවට සම්පූර්නයෙන්ම විරුද්ධ අසභ්‍ය තකා සහ දර්ශන මොනම ආකාරයකවත් ලජ්ඡාවකින් කොරව නරඹමින්, ස්‍රවනය කරමින්, ඒ ගැන විචාරය කරමින් සිටියි. මිනිසුන්ට මේතරම් බොරු කියන්න පුලුවන්ද? මේ තරම් අසභ්‍ය ආකාරයට හැසිරෙන්න පුලුවන් ද?
අසාමන්‍ය ලෙස බොරු කීම, ව්‍යාජ චර්යාවන් පෙන්වීම මානසික රෝගයක ලක්ෂනයක්. දේශපාලන වේදිකාවන් වල කථා නරන මිනිසුන්ගේ මුහුනු දෙස බලන්න. බොරුව, වංචාව, කුහකත්වය වගේම අසාමන්‍ය ලිංගික චර්යාවන් බේරෙනව. අසභ්‍ය දෙය සභ්‍යත්වය කරගත් සමාජයක සභ්‍ය දෙය අසභ්‍ය ‍වෙනව.
ලොව පුරා සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙක් මානසික රොගයකින් පෙලෙයි. එය මානසික සෞඛ්‍ය ආයතන විසින් ඉතා මහන්සියෙන් සොයාගත් සත්‍යයක්.
දැන් ඔබ තීරනය කරන්න මේ තිස්පස් දෙනාගෙන් කීදෙනෙක් මානසික රෝගීන්ද කියා.
මානසික රෝගියෙක් ජනපති වුවෙත් ගාය කොහොමද??????

Comments