වසන්ත නමස්කර ගේ 382 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.



ලක්දිව දෘෂ්‍ය කලාව සහ
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

2019 නොවැම්බර් මස 17 වැනි දින
සවස 4.00 සිට
ලක්දිව පුරාම පැවැත්වේ.

දිනක් පිකාසෝ සිතුවමක් නිර්මානය කරමින් සිටියේය. දින ගනනක් ගතවිය. සිතුවම හරියාකාරව සකස් වන්නේ නැත. හේතුව සොයාගත නොහැකි විය.
පසුව ඔහු කැන්වසයේ දිග පලල මැන්නේය. එක පැත්තක් අගල් දෙකක් පමන උස වැඩිය.
පිකාසෝට යකා නැග්ගේය. ටෙලිපෝනය ගෙන කැන්වස් මිලදී ගන්නා ආයතනයට පැය බාගනක් බැන්නේය.
මේ කැන්වස් එක ඇදේට කැපුවේ කවුරුන්දැයි ඒ ආයතනය විසින් සොයා ගැනීමට උත්සාහ කලත් අද දක්වාම සොයගත නොහැකිවිය.
වරද පිකාසෝගේ නොව ඔහුට සිතුවම් ඇදීමට කැන්වස් කපාදුන් ආයතනයයි.

පිකාසෝ ගුවර්නිකා සිතුවම නිමකරමින් සිටින අතරතුර ඔහුගේ නිවස සෝදිසි කිරීමට හමුදාවෙන් ආවේය. එක් හමුදා සෙබලෙක් ගුවර්නිකා සිතුවම දැක මේ වැඩේ කලේ ඔයාද කියා ඇසුවේය.
එවිට පිකාසෝ ඔවුන්ට කීවේ මම නෙමෙයි ඒ වැඩේ කලේ ඔයගොල්ලනේ.
හමුදා සෙබලුන් එකිනෙකා මුහුනට මුහුන බලාගත්තේය. මොකද එහෙම යුද්ධයක් එතන සිටි කිසිම සෙබලෙක්  කර නැත.
ඒ වැඩේ කලේ කවුද කියා පිකාසෝ දැනගත්තාට මේ වනතුරුත් ඔවුන් නොදනියි.





Comments