වසන්ත නමස්කාරගේ 465 වැනි සජීවී සමාජ සංජානන ස්ථාපන හා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය
සතුරන් සලිත කල
මිතුරන් මවිත කල
ලක්දිව දෘෂ්‍ය කලාවේ
මහා ප්‍රතික්ෂේපය


තමාගේ පක්ෂයට අපේක්ෂිත ප්‍රථිපලයවත් ලබාගත නොහැකි වූ බවත් එයට හේතුව කවුරුන් හෝ පෙන්වා දෙනවානම් තමා ඒගැන සොයාබැලීමට කැමති බවත් අනුර කුමාර දිසානායක මහතා කියනවා මට ඇසුනි.
හේතුව ඔබ අසලින්ම සිට කැමරාවට ඔලුව දානවා මා දුටුවෙමි. ඔවුන් කිසිම දිනෙක ඔබව හෝ ජනතාව ජයග්‍රහනය කරවන්නේ නැත. එයට හේතුව එවිට ඔවුන් පරදින නිසාවෙනි.
ඔවුන් ඔබේ පක්ෂය ආහරයට ගනිමින් ජීවත්වෙයි. ඔවුන් එක්තරා විෂබීජ සමූහයකි. ඒනිසා කිසිම දිනෙක ඔවුන් ඔබේ පක්ෂය ජයග්‍රහනය කරවන්නේ නැත. එසේ වුවහොත් ඔවුන්ට මයික්වලින් කතා කිරීමටත් ඉදහිට හෝ රූපවාහිනියට ඔලුව දමාගැනීමේ අවස්ථාවත් මගයාමට පන නැති ලොම් හැලුනු බල්ලන්ගේ පොත් කියවමින් විද්වතුන් වීමේ අවස්ථාවත් නැතිවීයන නිසාවෙනි.
කලාව කියා දෙයක් නැත. තිබෙන්නේ ව්‍යාපාර පමනක්ම යැයි කියමින් ඔවුන් ලගම සිටින්නන්ගේ නිර්මානශීලී හැකියාවට ගරහයි.
ඔවුන් ඔබ ලගට කිට්ටු වෙන්නේ ඔබේ කථිකත්වය සොරා ගැනීමටයි. එය සෝරාගැනීමෙන් පසුව ඔබ නොසිතූ මොහොතක ඔබට පහර දෙනු ඇත. පහර දී ඔබත් සමගම එකතුවී පහර දුන්නේ කවුදැයි සොයනු ඇත.
ඔබේ කථිකත්වය සොරා ගැනීමට නොහැකි බව දැනුනොත් තමාගේ පැවැත්ම සහතික කරගැනීමෙන් පසුව ඔබව ප්‍රසිද්ධියේ විවේචනය කරනු ඇත. මෙය ඔබට මිය යාමට මොහොතකට පෙර හෝ අත්විදිය හැකි සත්‍යයකි.
මේ හඩපටය ස්‍රවනය කරන්න.


මෙවැනි හිරිකිත වචනයක් හිරිකිත චර්යාවක් ඔබේ පක්ෂයේ විද්වතුන්ගෙන් හැර වෙනත් ආකාරයේ ඉතා පහත් වැඩ කරන්නන් ගෙන් පවා මා අසා නැත. එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ තමාගේ විද්වද් භාවය රැක ගැනීමයි.
සෞන්දර්යාත්මක වින්දනයෙන් තොරව මොනම ආකාරයකවත් මානව සංවර්ධනයක් සිදුවන්නේ නැත. එසේ සිදුවුවහොත් ඔවුන් උග්‍ර මානසික රෝග සදහා ප්‍රතිකාර ලබා දෙන මානසික රෝහලකින් පවා බාර නොගනු ඇත.
වේදිකාවට නැග ජනප්‍රිය හිංදි සින්දුවක් වාදනය වීමට සලස්වා නිකම් බොරුවට කට සොලව සොලවා සිටියත්  ලක්දිව ජනතාව බොහෝ ජන්ද ඔබට ලබාදෙනු ඇත.





Comments