වසන්ත නමස්කාර ගේ 473 වන සජීවී සමාජ සංජානන ස්ථාපන හා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය
සින්තටික් තාප්පය
2020 ජනවාරි 01 වැනි දින පටන් 
ඇටම්පිටිය, බණ්ඩාරවෙළ පාරේ, බෝධිය ඉදරිපිට, එළිමහන් කලාගාරයේ දී නිත්‍ය ප්‍රදර්ශනයට එක්වෙයි.
ඔබට පහසු ඕනෑම දිනෙක මෙම ප්‍රදර්ශනය නැරඹිය හැකියි.



දේශපාලන පෙරලියත් සමග ලක්දිව පුරාම මේ වනවිට තාප්ප සිතුවම් ගතවෙමින් පවතියි. අප මේ සිතුවම් කරමින් සිටින්නේ අපගේ සැබෑ අධ්‍යාත්මයද?
අවසන් දේශපාලන බල පෙරලියට පෙර බොහෝ දුර අතීතයේ සිටම ලක්දිව තාප්ප පුරාම අනන්ත සිතුවම් තිබුනි. එහෙත් ඒවා ලක්දිව මානව චර්යාවේ සැබෑම අධ්‍යාත්මය නිරූපනය වන සිතුවම් බව මෙසිරිලක ජනයා හදුනා ගත්තේ නැත.
ඒ නිසාවෙන් අද තාප්ප සින්තටික් වෙමින් පවතියි ද?

Comments