වසන්ත නමස්කාර ගේ 474 වන සජීවී සමාජ සංජානන ස්ථාපන හා දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය
කලාගාරය වසාදමා
තාප්ය දෙස බලාසිටීම

මහනුවර, අම්පිටිය, ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ දී දැන් පැවැත්වේ.





වත්මන් දේශපාලන බල පෙරලියත් සමග සිතුවම් කලාවට නව ආකර්ශනයක් ලැබෙම්න් තිබෙයි. ඒ නිසාවෙන් කලාගාරයකට ගොස් සිතුවම් නැරඹීමට හුරුවක් නොතිබූ අප තාප්ප සිතුවම් දෙස බලා සිටියි.
මෙයින් නිරූපනය වන්නේ අපගේ සැබෑම ආධ්‍යාත්මය ද? එහෙත් තාප්ප සිතුවම් ගතවීමට ප්‍රථමව ලාංකේය ජනතාවගේ සැබෑ අධ්‍යාත්මය එහි සටහන් වී තිබුනි. එහෙත් අප  ඒවා කියවා ගත්තේ නැත. මේ නිසාවෙන් ඉතා ඉක්මනින් රටේ සෑම තැනකම කලාගාර ඇති කිරීමේ අවශ්‍ය තාවයක් පවතියි.
එසේ නොවුනහොත් සැබෑ ආත්ම පරිත්‍යාගයෙන් වැඩකරන සිත්තරුන් දෘෂ්‍ය කලාවේ මාරන්තික විෂබීජ වලට කගොදුරු වී දෘෂ්‍ය කලාවේ අන්ධ භාවයට පත්වනු ඇත.
මේ වනවිට ලංකාවේ බොහෝ සිත්තරුන් සහ උගතුන් මේ තත්වයට ගොදුරු වී ඇත. මේ හඩ පටයට සවන් දෙන්න එහි කතා කරන්නේ දෘෂ්‍ය කලාවේ මාරාන්තික විෂබීජයකට ලක්වූ ලක්දිව කථිකාචාර්ය සේවකයෙකි.



Comments