වසන්ත නමස්කරගේ 503 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව වෙද නළාව

ලස්සන පුංචි වෛරසයක් හැමෝටම සමානව සලකමින් මරණයේ පාඩම උගන්වමින් සිටියි. ඒ නිසා අප අපේ වැඩ ඉක්මනින් අවසන් කල යුතු වෙනවා.
දැනට වසර විස්සක පමණ කාලයක පටන් අප ලක්දිව සෞඛ්‍ය සේවකයින් සමාජ චර්යාවන් අධ්‍යයනය කරමින් සිටිනවා. මේ මොහොතේ බොහෝ තොරතුරු ඉදිරිපත් කිරීම සුදුසු නොවූවත් වෙද නළාව ගැන යමක් කිවයුතුම වෙනවා.
වෙනත් රටවල මෙන් නොව වෙද නළාව සම්බන්ධයෙන් වෛද්‍ය සේවකයින් අතර වෙනස්ම ආකාරයක අමුතුම සංස්කෘතියක් ලක්දිව රෝහල් තුල නිර්මානය වී තිබෙනවා.
හෙද හෙදියන් ගේ හෝ වෙනත් කවරෙකුගේ අතේ හෝ වෙද කළාව තිබුනොත් වෛද්‍ය සේවකයින් දණ්ඩෙන් පහර කෑ නාගයින් මෙන් කිපී යනවා. රෝග සහ ප්‍රථිකාර සම්බන්ධයෙන් හෙද හෙදියන් ප්‍රායෝගික දැණුම බොහෝ තිබුනත් බෙහෝ වෛද්‍ය සේවකයින් ඒවා නොසලකා හරිනවා. රෝහල තුල ඔවුන්ගේ පැවැත්ම වෙනත් ග්‍රහලොවකින් පැමිනියාක් මෙනි. එය කඩත්තු කිරීම සදහා ඔවුන් නිරන්තර අරගලයක යෙදී සිටිනවා.
අපගේ යෝජනාව නම්, ලස්සන පුංචි වෛරසයක් හැමෝටම සමානව සලකන මේ මොහොතේ වෛද්‍ය සේවකයින් මේ අරගල ක්‍රමය අතහැර දමන්න කියාය. වෙනත් රටවල මෙන් වෙද නළාව හෙදියන් ගේ කරේ තිබුනාවෙ. නැතිනම් ඔබ හදුනා ගැනීමට වෙනස් ඇදුමක් අදින්න. ඇත්තටම ඔබේ වෛද්‍ය බව කිසිවෙක් සොර ගන්නේ නැත.
මේ යන ක්‍රමය අනුව ඉදිරි කාලයේ දී ඉක්මනින්ම අප මිය ගියත්, ඉතිරි වන්නන් හෝ කල යුතු වන්නේ වෛද්‍ය සේවයින් ඇතුළත්ව සෞඛ්‍ය සේවකයි පුහුනු කිරීම සදහා ඕනෑම කෙනෙකුට ඇතුලත් වියහැකි වෙනම ආයතනයන් තබා, පොදු විභාග පැවැත්වීමයි.
සමාන වැටුපක් එහෙම දුන්නොත් ඇත්තටම වෛද්‍ය සේවකයින් කවුදැයි සොයා ගැනීමට පුලුවන්. ඔබ මෙය සමහරවිට විශ්වාස නොකරනවා විය හැක. මුදල් නොලබා හෝ රෝගීන්ට ප්‍රථිකාර කිරීමට කැමති අය ඕනෑ තරම් සිටියි.
ලස්සන පුංචි වෛරසය ඔබ තව ගොඩක් කල් මෙහේ ඉන්නවද?
















Comments