වසන්ත නමස්කරගේ 505 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව දෘෂ්‍ය කලාව
චන්ද්‍රගුප්ත තේනුවර
සහ
සිද්ධාන්ත විග්‍රහය

ලස්සන පුංචි වෛරසයක් මුලු ලෝකයටම මරණයේ පාඩම උගන්වන නිසා නොමැ‍රෙන මිනිසුන් පවා මරණය ගැන කතා කරයි.

බොහෝ විෂයන් වලදී ජීවිතය සිද්ධාන්තයක් ලෙස සැලකුවත්, දෘෂ්‍ය කලා භාවිතයේ දී මරණය ප්‍රධාන සිද්ධාන්තයක් ලෙස සලකයි.
මරණය නොදැනීම නිසා දර්ශනවාද, මතවාද, කලාව යනු කුමක් ද? කලාව කා සදහා ද? ආදී මෙකී නොකී දේ හට ගනියි.
ඉතා කෙටියෙන් කිව්වොත් මරණය නොදැනීම දෘෂ්‍ය කලාවේ අන්ධභාවය ලෙස සලකයි. එය ඉතා භයානක තත්වයකි. එය නිර්මාන නරුවන් අවුලෙන් අවුලට පත් කරයි. අවසානයේ එය මනෝ ව්‍යාධියක් බවට පත්වේ.
ලංකාවේ සිත්තරුන් බොහෝ දෙනෙක් මෙම දෘෂ්‍යමය අන්ධභාවය නැමති තත්වයෙන් පීඩා විදියි.

Comments