වසන්ත නමස්කරගේ 510
වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
අභින් කඩය වසා
දමා
කලු පූසා දර්ශය
වීම
කොරෝනා වෛරසය
නිසා වෙනත් කවර දාටත් වඩා මිනිසා විද්‍යාත්මක වීමට පටන්ගෙන ඇත. ඒ නිසා අභින් කඩ
වැසිගොස් කලු පූසා දර්ශනය වෙමින් තිබේ.
ආගම යනු අභින්වගේ
දෙයක් බව එක්කරා දාර්ශනිකයෙක් කියා ඇත. කෑවොක් විනාශයි. ඒසේම ආගම යනු කලු කාමරයක්
ඇතුලෙ ඉන්න කලු පූසෙකු වගේ බව තවත් අයෙක් කියා ඇත. කාමරයක් ඇතුලෙ ඉන්න කලු පූසා මොනම
ආකාරයෙන්වත් දැකීම අපහසුය.
වසන්ත නමස්කර ගේ
509 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
මේ මොහොත
සිතුවමට අතීතයක්
හෝ අනාගතයක් නැත. ඇත්තේ මේ මොහොත පමනි. ජීවිතයටත් එසේමය.
වසන්ත නමස්කරගේ
508 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
තාප්ප කලාවට
මොකද? වුනේ
කොරෝනා වෛරය
පැමිනීමට ප්‍රතමව සියලු තාප්ප පින්තාරු කර ලක්දිව එකම කලාගාරයක් බටව පත් වූ බව
බොහෝ දෙනෙක් කීවේය.
එහෙත් අද ඒ කලාගාරය නැරඹීමට එළියටවත් බැසිය නොහැක.
මරණය විසින් ලෝකයම තනි යායක් කරමින් සිටියි. මහා විද්වතුන් සහ දෘෂ්‍ය කලාව ගැන පැය
ගනන් දේශනා කල මහා ප්‍රා
ඥයින් ආගිය අතක් නැත.
ඥයින් ආගිය අතක් නැත.
මේවන් මොහොතක
පීලිතුරක් නැති කලාගාරයකින් ඇති වැඩේ කුමක්ද? එහෙනම් අප සකස්කර ඇත්තේ කලාගාරයක් ද?
නැතිනම් මුලාගාරයක් ද?
ඒ නිසයි අප
කියන්නේ දෘෂ්‍ය කලාවේ ප්‍රධානම සිද්ධාන්තය මරණය බව.
වසන්ත නමස්කරගේ 507
වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
ලක්දිව දෘෂ්‍ය
කලාවේ
මාරාන්තික ප්‍රහසනය
අප විසින් කල
යුතු වැඩ අද අදම නිමාකල යුතුය. මේ වනවිට ජීවත් වන්නේ කවුද ? නැත්තෙ කවුදැයි කියන තීරනය කිසිවෙකුත්
නොදනියි. බොහෝ දෙනෙක් නොදැන සිටියත්, මරණය දෘෂ්‍ය කලාවේ ප්‍රධානම සිද්ධාන්තයකි.
විභවි ආයතනයේ
සිතුවම් කලාව හදාරනවිට මහාචාර්ය චන්ද්‍රතුප්ත තේනුනර මහතාගේ ප්‍රහසනයට මා සෑම
මොහොතකම ලක්විය. තේනුවර සර් මාලගට ඉගැන්වීමට එනවිට බොහෝ දෙනෙක් එක් අතකින් කට වසා ගනියි.
ඒ සිනහව පාලනය කල නොහැකි නිසාවෙනි. මේ ප්‍රහසනය කොතරම් දුර යනවාද කියනවනම් අවසානයේ
මොඩලයත් සිනාවෙයි. අදත් මිතුරන් හමුවූවිට තේනුවර සර් ගේ මතකය සිනා සාගරයකි.
බොහෝ මිතුරන්
මගෙන් අහන ප්‍රධාන ප්‍රශ්නයක් නම් ඇත්තටම වසන්ත උඹට තේනුවර සර් එක්ක තරහ යන්නේ
නැද්ද? යන්නයි.
පිලිතුර නම්,
ඇත්තටම නැත. යන්නයි. එයට හේතුව නම් ඔහුගේ ප්‍රහසන අතරින් සිතුවම් ඇදීම සම්බන්ධ
සියලු කාරනා ඉගෙන ගත් නිසා වෙනි.
තේනුවර සර් හමු
වූ මුල් දිනයේ මා සිතුවේ මා මේ කතා කරමින් සිටින්නේ බුදු හාමුදුරුවන් සමගද කියාය.
ඒ ගෞරවය ඉදිරියටත් එසේමය.
එහෙත්, පසු කාලයේ
දී මා දුටු බුදු හාමුදුරුවන් තුලින් තවත් හාමුදුරු වරුන් මතුවීමට පටන් ගත්තේය.
එහෙත් ප්‍රශ්නය
එය නොවේ.
අද වනවිට දෘෂ්‍ය කලාවේ ප්‍රධාන සිද්ධාන්තයන් නොදැනීම
නිසා අපේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සර්ම ප්‍රහසනයක් ප්‍රහසනයක් බවට පත් වෙමින්
සිටියි. චිත්‍ර කලාව සම්බන්ධයෙන් අප බොහෝ දේ ඉගෙනගත් එකම ගුරුවරයාට එසේ වනවා ඇකීම මා
බලාපොරොත්තු නොවූ සිදුවීමකි.
බන්ධු සමරසිංහ
මහතා ප්‍රහසනයක් කරීමෙන් බුද්ධිමතෙකු බවට පත්වෙයි. එහෙත් බුදුධිමතා ප්‍රහසනයක් කිරීමෙන්
මෝඩයකු බව පත්වෙනවා නම් එතැන මහා ගැටලුවක් පවතියි.
Comments
Post a Comment