වසන්ත නමස්කර ගේ 512 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
කිසිවෙක් නොදන්නා
ඊලග මොහොත
මේ වනවිට ජීවිතය සහ මරණය පිලිබදව වෙනත් කවර දාටත් වැඩියෙන් කතා කරයි. ජීවිතය
කුමක් ද? මරණය කුමක් ද? යන්න සොයා ගැනීමට පවා අපසු තරමට කතාව තියුනු වී ඇත. ජීවිතය
යැයි සිතා මරණය ගැන කතා කරයි. මරණය යැයි සිතා ජීවිතය ගැන කතා කරයි.
අප කිසිවෙක් කොරෝනාව පියවි ඇසින් දැක
නැතත් කොරෝනාව ගැන කොරෝනාවටත් වඩා වැඩියෙන් දනියි.
එහෙත් අප මරණය ගැන කිසිවක්
අන්නේ නැත. වෛරසයට අමතරව අපගේ මරණය සිදුවිය හැකි තවත් බොහෝ ක්‍රම තිබෙයි. එය ඊලග
මොහොතේ සිදුවිය හැකිය.
මරණය කවදා හෝ ස්ථීරවම සිදුවන
දෙයකි. එහෙත් අප එය නොදනියි. ඒ ගැන සෙවීමට උවමනාවක් ද නැත. සමහර වෙලාවට මරණය අවබෝධ
කරගැනීමට ගන්නා ලද උත්සාහයන් වලින් අප සිදුකර තිබෙන්නේ නැවතත් ජීවිතයම සෙවීමයි.
මරණය ඊලග මොහොතේ නොව, මේ මොහොතේ
අත්දැකිය හැකිනම් ඒ අත්දැකීම අපව ඊලග මොහොතේ දී ජීවත් කරවනු ඇත.
අපගේ සතුට රදා
පවතින්නේ මරණය පිලිබද අපගේ දැණුමේ ප්‍රමානය මතය. මරණය පිලිබද අප සියල්ල දැනගත්තොත්
සතුට පරිපූර්න වෙයි.
Comments
Post a Comment