වසන්ත නමස්කර ගේ 504 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව වෙද නළාව

වෙන කවරදාටත් වඩා වැඩියෙන් වෛද්‍ය සේවකයින් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රය ලක්දිව මිනිසුන්ගේ මානව චර්යාව විද්‍යානු කූලව පවත්වා ගතයුතු ආකාරය උගන්වමින් සිටියි.
ඒ වෙනත් කිසිවක් නිසා නොව ලස්සන පුංචි වෛරසයක් හැමෝටම සමානව සලකමින් මරණයේ පාඩම ඉතා සරලව උගන්වමින් සිටින නිසාවෙනි. මේ මොහොතේ මානව චර්යාව විද්‍යානුකූල නොවුනොත් තමාත් ඇතුලුව මුලු මානව සංහතියම වැනසී යනබව ලක්දිව ‍සෞඛ්‍ය සේවකයින් පෙන්වා දෙයි.
ඒ අනුව බැලුවොත් ඕනෑම මොහොතක අපගේ ජීවිතය අවසන්විය හැකිය. ඒ නිසා අප අපේ වැඩ ඉක්මනින් අවසන් කල යුතුය. කිවයුතුම දෙය කියා අවසන් කළයුතුය.
දැනට වසර විස්සක පමණ කාලයක පටන් අප ලක්දිව වෛද්‍ය සේවකයින් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ගේ සමාජ චර්යාවන් අධ්‍යයනය කරමින් සිටියි. වෛද්‍ය සේවකයින් අන් අයගේ මානව චර්යාව සකස් කිරීමට උපදෙස් දෙනවා වගේම, ඔවුන්ගේ චර්යාවන් ද ඉතා ඉක්මනින් නිවැරදි කලයුතුව තිබෙයි. අහිංසක මිනිසුන්ගෙන් සපයා ගන්නා ජාතික ධනයෙන් ඉගෙන ගන්නා ඔවුන් බොහෝ අවස්ථා වලදී ඒ අහිංසකයින්ටම කොකා පෙන්වයි. කොකා පෙන්වීමෙන් නොනැවතී නයාද පෙන්වයි.

මේ මොහොතේ ලක්දිව වාසීන්ගේ එකම පිලිසරන ලෙස අපට පෙනෙන්නේ කිසිමදාක වැඩවර්ජනය නොකරන, හමුදාව සහ පොලීසිය පමනි. ඔවුන් වෛද්‍ය වරුන් නම් ලක්දිව වෛරස් නැත. වෛද්‍යවරුන් වියයුත්තේ හමුදා සෙබලෙක්මය. ඒ විනය හික්මීම කැපකිරීම සහ ඉවසීම සෞක්‍ය සේවයට අත්‍යාවශ්‍යය.

මේ මොහොතේ බොහෝ තොරතුරු ඉදිරිපත් කිරීම සුදුසු නොවූවත් වෙද නළාව ගැන යමක් කිවයුතුම වෙනවා.
වෙනත් රටවල මෙන් නොව වෙද නළාව සම්බන්ධයෙන් වෛද්‍ය සේවකයින් අතර වෙනස්ම ආකාරයක අමුතුම සංස්කෘතියක් ලක්දිව රෝහල් තුල නිර්මානය වී තිබෙනවා.
හෙද හෙදියන් ගේ හෝ වෙනත් කවරෙකුගේ අතේ හෝ වෙද කළාව තිබුනොත් වෛද්‍ය සේවකයින් දණ්ඩෙන් පහර කෑ නාගයින් මෙන් කිපී යනවා. රෝග සහ ප්‍රථිකාර සම්බන්ධයෙන් හෙද හෙදියන් ප්‍රායෝගික දැණුම බොහෝ තිබුනත් බෙහෝ වෛද්‍ය සේවකයින් ඒවා නොසලකා හරිනවා. රෝහල තුල ඔවුන්ගේ පැවැත්ම වෙනත් ග්‍රහලොවකින් පැමිනි අමුතුම සත්ව කොසක් මෙනි. එය කඩත්තු කිරීම සදහා ඔවුන් නිරන්තර අරගලයක ද යෙදී සිටිනවා.
අපගේ යෝජනාව නම්, ලස්සන පුංචි වෛරසයක් හැමෝටම සමානව සලකන මේ මොහොතේ වෛද්‍ය සේවකයින් මේ අරගල ක්‍රමය අතහැර දමන්න කියාය. වෙනත් රටවල මෙන් වෙද නළාව හෙදියන් ගේ කරේ තිබුනාවෙ. නැතිනම් ඔබ හදුනා ගැනීමට වෙනස් ඇදුමක් අදින්න. ඇත්තටම ඔබේ වෛද්‍ය බව කිසිවෙක් සොර ගන්නේ නැත.
මානව සබදතා පැවැත්වීමේ බොහෝ අඩුපාඩු වලින් ලක්දිව සෞඛ්‍ය ක්ෂේත්‍රය පිරී ඇත. එහි ප්‍රතිපලයක් ලෙස තමයි සෞඛ්‍ය සේවකයි මේ මොහොතේ බොහෝ අර්බුදවලට ලක්වන්නේ. සාමන්‍ය ජනයා ඉවෙන් මෙන් දන්නවා ඔවුන් ඉගෙන ගන්නේ සේවය කරන්නේ තමා වෙනුවෙන් නොවන බව.
එය එසේ තිබියදීත් තවමත් ලක්දිව ජනයා ‍සෞඛ්‍ය සේවකයින්ට දේවත්වය ආරෝපනය කරයි. මේ යන විදිහට ගියොත් සෞඛ්‍ය සේවකයින් දිව්‍ය ලෝකසේ තබා අපායේවත් බාර නොගනු ඇත. වෛද්‍ය සේවයට සෞඛ්‍ය සේවයට බොහෝ නොගැලපෙන්නන් පත්ව ඇත.
මේ යන ක්‍රමය අනුව ඉදිරි කාලයේ දී ඉක්මනින්ම අප මියයා හැකියි. එසේ වුවත් ඉතිරි වන්නන් හෝ කල යුතු වන්නේ වෛද්‍ය සේවයින් ඇතුළත්ව සෞඛ්‍ය සේවකයි පුහුනු කිරීම සදහා ඕනෑම කෙනෙකුට ඇතුලත් වියහැකි වෙනම ආයතනයන් තබා, පොදු විභාග පැවැත්වීමයි.
සමාන වැටුපක් එහෙම දුන්නොත් ඇත්තටම වෛද්‍ය සේවකයින් කවුදැයි සොයා ගැනීමට පුලුවන්. ඔබ මෙය සමහරවිට විශ්වාස නොකරනවා විය හැක. මුදලක් නොලබා ජීවිත පැවැත්මට පමණක් යමක් ලබාගෙන ජීවිත කාලයේම රෝගීන්ට ප්‍රථිකාර කිරීමට කැමති අය ඕනෑ තරම් සිටියි.
ලස්සන පුංචි වෛරසය ඔබ තව ගොඩක් කල් ඔබ මෙහේ ඉන්නව ද?


























Comments