වසන්ත නමස්කර ගේ 523 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

කොරෝනා සමග
2020 අවුරුදු කුමාරයා




ඉගුරු වෙනුවට දොඩම් විකුණුවාට මහින්ද අය්යා කියන්නෙ සැබෑම දක්ෂයෙක්. ඉගුරුවලට කැමති අය කියනවා ඉගුරු  විතරයි හොද කියලා. දොඩම්වලට කැමති අය කියනවා දොඩම් විතරයි හොද කියලා. එහෙත් අපේ අදහස නම් මානවයාගේ පැවැත්ම සදහා ඉගුරු සහ දොඩම් යන දෙවර්ගයම අවශ්‍ය බවයි.
මහින්ද අයියා පළමු වරට හදුනාගත්තේ ජපුර විශ්ව විද්‍යාලයේ  සමාජ විද්‍යව සහ මානව විද්‍යාව ඉගෙන ගන්නා කාලයේ දී. ඒ මගේ මිතුරෙකු යැයි තවමත් මා සිතන, දැනට සබරගමුව විශ්ව විද්‍යාලයේ සිංහල විෂය උගන්වමින් දෘෂ්‍ය කලාවේ ප්‍රධාන සිද්ධාන්තයන් වරදවා වටහා ගෙන මහා අවුලකට පත් වී  අන්‍යන්ද අවුලට ඇද දමමින් ජීවිතය ගැටගසා ගන්නා හිනිදුම සුනිල් මාර්ගයෙනි.
මා සිතන ආකාරයට ජපුර ශිෂ්‍ය සංගමයෙන් එලවා දැමූ ඔහු බෝඩිමක් සොයමින් ඇවිදිනවිට මට හමුවිය. අප සියලු දෙනා බෝඩින් කරුවන් බව නොදන්නා සුනිල් තවමත් ‍බෝඩිමක් සොයමින් සිටියි.
සුනිල් මේ වනවිට ඔහුගේ අක්කලාට අය්යලාට ගමට ගුරුවරුන්ට හිතවතුන්ට තමාට නැති එහෙත් තියෙනවා යැයි සිතන අමුතුම ගරු ඝාම්භිර්ත්වය පෙන්වයි. එහෙත් එකල ඔහු බලා ගත්තේ ඔවුන් විසිනි. අදටත් ඔවුන් පෙර විදිහටම මා සමග ඇසුරු කරමින්, සුනිලා ගේ ගරු ඝාම්භිර්ත්වය දෙස, බිම්ඹිසාර රජතුමා අජාසත්ත දෙස උපේක්ෂාවෙන්, අනුකම්පාවෙන් බලා සිටියාක් මෙන්, සුනිලුන් ගේ අමුතු ගරු ඝාම්භීරත්වය දෙස බලා සිටියි.
එකල අප දෙදෙනා විජේරාම හංදියේ ගිහාන් හෝටලයෙන් බාගෙ බාගෙ මුදල් යොදවා මස් කොත්තු කයි. කොත්තු වලට හරක් මස් දාන නිසා කොත්තු කෑමට මා කැමති නැත. එහෙත් සුනිල් කන නිසා මා එයට කිසිවක් නොකියමි.
පසුව සමන් සර් මාර්ගයෙන් ක්ෂනිකව නිර්මාංශ වු සුනිල්(දැන් කෙසේ දැයි නොදනිමි), උම්බලකඩ හදන්නේ දර කෑලි වලින්දැයි ප්‍රසිද්ධියේ  ඇසීය. එවිට සියලු දෙනා හිතන්නේ අප  සත්ව ඝාතනයට රුකුලුදෙන අධර්මිෂ්ටයන් බවයි. එහෙ‍ත් සමන්සර් මේ වනවිටත් මගේ ආහාර රටාව ගැන කිසිවක් විමසා නැත.
අප එක කොත්තුවක් බෙදාගෙන කනවා දනික මහින්ද අය්යා අපට වෙන වෙනම කොත්තු අරන් දෙයි. එහෙත් එදා මා විනාඩි දෙක තුනක් කල්පනා කලා නම් අප තුන්දෙනාටම කොත්තු අරන් දීමේ හැකියාව මට තිබුනි. ඒ සිතුවමක් ඇද එය කවුරුන්ට හෝ විකුණා දැමීමෙනි.
එහෙ‍ත් මා එසේ නොකලේ මහින්ද අය්යා එදා වගේම අදටත් මට පෙනෙන්නේ දැන උගත් තාත්තා කෙනෙකු ලෙසින් බැවිනි. ඇත්තටම එදත් මට උවමනාව තිබුනේ චිත්‍රය කියන්නෙ මොනවගේ දෙයක්ද? මිනිස්සු කියන්නෙ කවුද? වගේ කාරනා සොයා ගැනීමයි.  එහෙත් සුනිල් අප ගැන වටහා ගන්නේ වෙනත්ම ආකාරයකටය.
තමා දන්නා දෙය වගේම තමා නොදන්නා දෙයත් සමාජයට ගැලපෙන ආකාරයට සකස් කිරීමේ විශේෂ හැකියාවක් මහින්ද අය්යාට ඇත. එස්කිමෝ වරුන්ට අයිස් විකිණීමට හැමෝටම බැරිය.
එදා අද වගේ අන්තර්ජාල දියනු නැත. තිබුනේ පත්තර පමනි. ප්‍රදර්ශනයකට චිත්‍ර එකතු වු විට සුනිල් ඒ ගැන මොනවාදෝ ලියයි. ඒවා චිත්‍ර ගැන හෝ කලාව පිලිබදව නොවන බව දැන් ඉතා පැහුදිලිය. ඉන් පසු එය පොටෝ කොපි කරල මහින්ද අය්යාට පෙන්වූපසු මහින්ද අය්යා ඒකේ සටහනක් දාල පත්තරවලට යන පාරත් ඇදල, ඒ ලියුම් කවර මගේ අතට දෙනව. මම ඒවා කොළඹ පුරාම පත්තරවලට බෙදනව. ඒ කාලේ එය මට එක්තරා විදිහක විනෝදයක් ද විය. එයින් මා උගත්දෙය බොහෝය.
පසුව මේ ක්‍රමයෙන් මා ඉවත් වූයේ සුනිල් ලියන්නෙ කියන්නෙ චිත්‍රය ගැන හෝ කලාව ගැන නොවන නිසාවෙනි. ඔහු තමාව බේරා ගැනීමේ මාරාන්තික අරගලයක යෙදී සිටියි. සමහර අවස්ථාවලදී ඔහු තමාගේ ගමන සදහා අපව ඉතා ක්ෂූක්ෂම ලෙස පාවිච්චි කරයි.
ඔහුගේ කථිකාවාර්ය පදවිය කවුරුන් හෝ සොරා ගනීවි යැයි ඔහු මාරාන්තික භීතිකාවකින් පසුවෙයි. නමුත් කිසිවෙක් එසේ කරන්නේ නැත. ඔහුගේ චර්යාව  එසේ වුවත්, දිගින් දිගටම මහින්ද අය්යා කරන කියන දේ දැකීමෙන් නිරතුරුවම බොහෝ දේ ඉගෙන ගත්තේය.
ජපුර සමාජ විද්‍යාව හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ සමහර ගුරුවරුන් හමු වූ විට මහින්ද අය්යා ගැන නිතරම මා කතා කරයි. ඒ  ඔහු ගැන කතා කරන්න යමක් තිබෙන නිසාවෙනි. සමාජ විද්‍යාව හා මානව විද්‍යාව කියන්නේ අදටත් මා ඉගෙන ගනිමින් තිබෙන විෂයක් මේ විෂයේ අවසානයක් නෑ කරන්න පුලුවන් නිතරම ඉගෙන ගැනීම විතරයි.  
බලන්න සර්  මේ අධ්‍යයනාංශයෙන් කරන්න ඕන වැඩ මහින්ද අයියා කොච්චර හොදට ලස්සනට කරනවද? අධ්‍යයනාංශයේ  ගුරුවරු කිසිවෙක් පිලිතුරු නොදෙයි. එහෙත් ඒ නිහඩ භාවය තුලම ප්‍රශ්නයට සැබෑම පිලිතුර තිබෙන බවත් ඔවුන් දන්නේ නැත.
මගේ ඉවරයක් නැති මානව විද්‍ය කතා නිසාම සමරහ ගුරුවරුන් මෙහෙම කියනවා. එයා ඉතින් සමාජ විද්‍යාව මානව විද්‍යාව ඉගෙනගත් කෙනෙක් නෙමෙයිනෙ. ප්‍රශ්නය ඉතාම පැහැදිලිය. එහෙත් ඔවුන් එයට යොදන නමක් ඔවුන් යෝජනා කරන්නේද නැත.
දැන් මහින්ද අය්යාට කරන්න තියෙන්නෙ කොරෝනා ඉවරවූ පසුව වෙනත් රටකට ගිහින් සමාජ විද්‍යාව සහ මානව හදාරන්න. එය ඔහුට ඉතා පහසු වනු ඇත. නමුත් ලංකාවේ විශ්ව විද්‍යාල කල යුතු වන්නේ මහින්ද අය්යා වගේ අය අධ්‍යයනාංශ තුලට බලෙන් හෝ ගෙන්වා ගැනීමයි. ඔහුගෙන් ඉගෙන ගැනීමයි. යකඩය දිරන්නේ යකඩයෙන්ම උපදින මලකඩ වලින් බව ලක්දිව සරසවි ඇදුරන් නොදනියි.
වෙනත් අවුරුදු වල දී රූපවානියේ ජනමාධ්‍යවල මා සොයන්නේ මහින්ද අය්යා ඉන්නවාද කියලා. මහින්ද අය්යා නැත්නම් ඒක අවුරුදු උත්සවයක් නොවන තරමට කතාව  දුර ගිහින්.
ජීවිතයේ පළමු වතාවට අවුරුදු උත්සව නැති අවුරුද්ද 2020 බවට පත්විය. සමාජයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට වැඩ කල හිනිදුම සුනිල් වැනි අයට මේ වනවිට ගෙයින් එළියටවත් බැසිය නොහැක.
මානව සත්වයාට ජීවත් වීමට කෑම බීම, බෙහෙත් හේත්, ගෙවල් දොරවල් වගේ දේවල් වලට අමතරව තවත් දේවල් උවමනා කරනවා. අවුරුදු උත්සවය කියන්නෙ අන්න ඒ වගේ දෙයක්.
ඒ නිසා කිසිම අවුරුදු උත්සවයක් නැතත් 2020 අවුරුදු කුමාරයා ලෙස මහින්ද කුමාර දළුපොත මහතා  සියලුම තරග කරුවන් පරදවා ජය ලබා ඇති බව අප සිතනවා. ඒ ඔහු ලාංකේය මානව විද්‍යා විෂයට පෙන්වා දුන් අළුත් මාවත නිසාවෙනි.
මහින්ද අයියා මගේ පළමු ප්‍රදර්ශනයේ දී සටහනක් යොදා තිබුනා * වර්ණ කාව්‍ය තවත් බොහෝ දුර යා යුතුයි * කියා. මහින්ද අයියාට, ආදරණීය ගුරුවරයාට, හිතවතාට අප කියන්නේ වර්ණ කාව්‍ය මේ මොහොත වනවිට යායුතු දුරටත් වඩා බොහෝ දුරක් ගොස් අවසන් බවයි.




















Comments