වසන්ත නමස්කර ගේ 519 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
       (මිය යාමට පෙර දැනගන්න. මිය ගියොත් ඉතිරි වූවන් දැනගන්න)

කොරෝනා සමග
ලක්දිව දෘෂ්‍ය කලාවේ
ජොලි මයික්

හරියට ඉන්න තැනක් නැති, හරියට කෑමක් නැති පිරිසක් වටකර ගෙන, ඔවුන්ව ගොනාට අන්දවමින්, කලාව කියල දෙයක් නෑ තියෙන්නෙ ව්‍යාපාර පමනයි යනුවෙන් එක් නැනක කියමින්  තවත් තැනක වෙනත් දෙයක් කියමින්, උඹල මොනව ද දන්නෙ අපිනෙ දන්නෙ කියමින්, සියල්ලටම  ගරහමින්, අමුතුම රංගනයක යෙදී සිටි ලක්දිව දෘෂ්‍ය කලාවේ ජොලි මයික්ලා හදුනා ගන්න.

මේ හඩ පටයේ කතා නරන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සේවක හිනිදුම සුනිල්.


මේ ව්‍යයසන අවස්ථාවේ ඔබ මෙවන් හඩපට වලට සවන් දීමේ දී ප්‍රවේසම් වන්න. එහි ඇත්තේ කලාව පිලිබද විග්‍රහයන් නොවේ. ඔහු කථිකාවාර්ය සේවකයෙකු වුවත් දෘෂ්‍ය කලාවේ ප්‍රධාන සිද්ධාන්තයන් වරද්දාගෙන ඇත. මේ තත්වයට කියන්නේ දෘෂ්‍ය කලාවේ අන්ධ භාවය කියන තත්වයයි. ‍
මේ තත්වයේ දී කෙනෙකු ජීවත්ව සිටියදීම මෘත දේහ බවට පත් කරයි. එය කොරෝනා වෛරසය මෙන් ඉතා සූක්ෂම ලෙස පැතිරී යයි. එම අදහස් ඔබේ ප්‍රතිශක්තීකරන පද්ධති පවා විනාශ කරනු ඇත. එය ඔහුගේ වින්දනයයි.
කොරෝනාවෙන් අප සමහරවිට ස්ථීරවම මියයි. එහෙ‍ත් මේ කියන දෘෂ්‍යමය අන්ධ භාවය නිසා කෙනෙක් ජීවත්ව සිටියදීම මහා අභාග්‍ය සම්පන්න තත්වයන්ට පත්කර මනෝ ව්‍යාධීන් සහිතව මරණයට පත්විය හැකිය.
මේ තියෙන්නෙ හිනිදුම සුනිල්ගේ නිවසේ මා විසින් නිමකරදුන් වටිනා ස්ථාපන කලා කෘතියක්.


එහෙත් ඒ නිර්මානය ඔහුට නොපෙනෙන්නේ ඔහු තුල වර්ධය වී තිබෙන දෘෂ්‍යමය අන්ධභාවය නිසාවෙනි. මේ තත්වයට ගොදුරු වූවන් මුදවා ගැනීම ඉතාම අසීරුය. බොහොවිට එය කල නොහැකි දෙයකි.
මෙවන් ව්‍යාධි තත්වයෙන් දෘෂ්‍ය කලාව පිලිබදව කෑගසන විද්වතුන් ලංකාවේ විශාල ප්‍රමානයක් සිටියි. බොහෝ පිරිසක් ඒවා විද්වත් කථිකාවන් ලෙස පිලිගනියි.
මෙතැන දී කලයුතු වන්නේ ඔවුන්ට එරෙහිවීම හෝ ඔවුනට ගැරහීම නොව ඔවුන් දෙස අනුකම්පාවෙන් බලා සිටීමයි.
එයට හේතුව මේ කෑගැසීම නිසා ඔවුන් ගේ සිතින් යමක් ඉවත් වී මොහොතක හෝ තාවකාලිකව සැනසීමක් ඔවුන් ලබන නිසාවෙනි.

Comments