වසන්ත නමස්කර ගේ 521 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
නග්න ගැලවූ
සුනිල් ආරියරත්න
ලගදී දිනෙක රූප වහිනී
වැඩසටහනක දී මහාචාර්ය සුනිල් ආරියරත්න තමා තමා විවාහ නොවී සිටින්නේ එක්තරා විශේෂිත
වූ තත්වයක් නිසාවෙන් බව පැවසීය.
අදින් වසර තනනාවකට ඉහත දිනෙක මගේ පළමු වැනි සිතුවම් ප්‍රදර්ශනය
ජපුර විශ්ව විද්‍යලයේ දී පැවැත්විනි. එම ප්‍රදර්ශනය විවෘත කිරිම සදහා මා ඉගෙනගත් සමාජ
විද්‍ය අධ්‍යයයනාංශයේ ගුරුවරුන් කිසිවෙකු නොපැමිනියත්, දැනට සබරගමුව විශ්ව විද්‍යාලයේ
සිංහල උගන්වමින් දෘෂ්‍ය කලාවේ ප්‍රධාන සිද්ධාන්තයන් වරදවා වටහාගෙන මහා අවුලකට පත්
වී අන්‍යන්ද අවුලට ඇද දමමින් ජීවිතය
ගැටගසා ගන්නා හිනිදුම සුනිල් විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න කොහේදෝ සිට කැදවාගෙන
විත් ප්‍රදර්ශනය විවෘත කරන ලදී.
එම විශ්ව විද්‍යාලයේදීම පවත්වන ලද මගේ හතර වැනි සිතුවම් ප්‍රදර්ශනයේ
තිබූ නග්න රූපය ගැන සීතල කසු කුසුවකින් පසුව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින්
දැන්වීමි පුවරුවේ අලවා තිබූ එම දැන්වීම ගලවා දමන ලදී.
එය එදා මට ප්‍රශ්නයක් වුවත් මා නිහඩ වූයේ මා නොදන්නා යමක් මෙහි
තිබිය හැකි නිසාවෙනි.
නග්න භාවය සමාජයට (උගතුන්ට) මෙතරම් ප්‍රශ්නයක් වන්නේ කෙසේ ද?
යන්න මානව රූප අධ්‍යයයනයෙන්ම සොයායාම දෘෂ්‍ය කලාවේ සිවලුම පැතිකඩයන් විවෘත කිරීමක්
විය.
සරසවි තුල, රාත්‍රියේ දී සහ දහවලේ දී ගස් ගල් යට සහ නිහඩ
අහුමුලුවල නග්න වී සංසර්ඝ යේ යෙදෙන ස්ත්‍රී පුරුෂ මානව රූප සමාජය ඉදිරියේ ශිෂ්ට
සම්පන්න වෙයි.
එහෙත් එය වරදක් නොවේ. එයට හේතුව තමාගේ මව වරදක් කර තමා මෙලොවට
බිහිකල බව කිසිම මානව දරුවෙක් පිලිනොගන්නා නිසාවෙනි.
නග්න භාවය වටා ගොඩනැගෙන ප්‍රජනන ජීවිතය මොහොතක් නෑර සියලුම මානව
චර්යාවන් පුරාම බැදී පවතියි.
එය එසේ නම්, මහා සමාධියක් සහිත නිර්මාන තුල පවතින්නේ එහි
උපරිමයයි. එහෙත් දෘෂ්‍ය කලාවේ ප්‍රධාන සිද්ධාන්තය එය නොවේ.
වෙනස්වීම සහ මරණයයි.
Comments
Post a Comment