වසන්ත නමස්කර ගේ 522 වැනි සජීවී සමාජ සංජානන
දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

කොරෝනාවෙන් පසු ලෝකය



දෙවැනි ලෝක යුද්ධයෙන්වත් පාඩමක් ඉගෙන නොගත්  ලෝක වාසීන් කොරෝනා වසන්ගතයෙන් පසුවත් වෙනස් නොවන බව සහතිකයි.  දැන් මිනිස්සු නිහඩව කල්පනා කරන්නෙ ඊලග පිම්ම පනින්නෙ කොහොමද කියල.
නමුත් සුලු පිරිසක් දැනටමත් තම තමන් ගේ චින්තන රටාවන් වෙනස් කරගෙන ඇති බව  පැහැදිලියි.
ඔවුන් ගේ අදහස වන්නේ සෑම මාස තුනකට වරක්වත් අඩුම තරමේ මේ ආකාරයෙන් මාසයක් වත් ලෝකය නිහඩ කලයුතු බවයි.
එහි ප්‍රතිපලය ඉහල අහසේ සිට ගන්නා ලෝක ගෝලයේ චන්ද්‍රිකා ජායාරූප වලින් පැහැදිලි වනුඇත.
එසේ  ලෝකය නිහඩ කලහොත් මිනිස්සුන්ට කරන්න මහා බරපතල වැඩක් තියෙනවා. ඒක ඔබ හිතනවාට වඩ හුගක් අමාරු දෙයක්. යමක් කරනවාට වඩා යමක් නොකර ඉන්න අපහසුයි. සිතනවාට වඩා යමක් නොසිතා ඉන්න එක අමාරුයිත නමුත් එයට ක්‍රමයක් තියෙනවා.
මේ වෙබ් අඩවියට පිවිසෙන්න. මේ තියෙන්නෙ ඒ ක්‍රමයයි.
ජනමාධ්‍යයෙන් විශාල ප්‍රසිද්ධියක් නොදුන්නාට ඉතා සුලු පිරිසක් මේ ක්‍රමයට ප්‍රගුන කරනවා. මා හිතන්නෙ කොරෝනාවෙන් මියයන පිරිස මියගොස් ඉතිරි වන්නන් හෝ මේ ක්‍රමය හදුනා ගත්තොත් එය ඔවුන්ගේ වාසනාවකි.

Comments