වසන්ත නමස්කර ගේ 537 වැනි සජීවී සමාජ සංජානන හා සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

බෞද්ධ කලාවේ ඇතුල් පැත්ත



බොහෝ දේවල් ගැන අප සිතන දෙයට වඩා එහි සැබෑ තත්වය හාත්පසින්ම වෙනස්. එවා සියුම්ව අධ්‍යයනය කිරීමෙන් යම් දෙයක හෝ ක්‍රියාවලියක නියම ස්වරූපය වටහා ගැනීමට පහසු වෙනව.
අප පංසල් ආශ්‍රිතව සිතුවම් ඇඳීමට  ප්‍රථිමා නෙලීමට එදා ඉදලම බොහොම කැමතියි. අදටත් ඒ වැඩ අප කරන්නෙ බොහොම ගෞරවයෙන්. නමුත් අප සිතන දෙයට වඩා හාත්පසින්ම වෙනස් අමුතුම හැසිරීම් රටාවන් බෞද්ධ කලාවේ ඇතුල් පැත්තේ තිබෙනව. ඒවා පිලිවෙලකට ගලපා බැලුවහම එතැන වෙනම සමාජ විද්‍යාවක් ක්‍රියාත්මක වෙනව.
මෙහෙම ඉන්න අතරේ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා යටතේ සමාජ විද්‍යාව හදාරන්න වාසනාවක් මට පෑදුනා. එතුමා හඳුන්වා දුන් සහභාගීත්ව නිරීක්ෂන ක්‍රමය මගේ සිතුවම් කලාව වෙනම දිශාවක් කරා යොමු කලා.
අප මේ ඔබට ඉදිරිපත් කරන්නේ ඒ තොරතුරු වලින් ඔබට ප්‍රයෝජනවත් වියහැකියැයි සිතෙන කොටසක්.
පංසල් ආශ්‍රිතව කලාගාරයන් නිර්මානය කිරීමේ උවමනාවක් අදටත් තිබෙනවා. නමුත් මේ වනවිට ඒ සියල්ල අසාර්ථක වී තිබෙනව. ඒ සදහා මුල්ම බාධකය ඇති කරන්නෙ පංසලේ හාමුදුරුවො හාමුදුරුවන්ගේ චර්යාව ඒ සඳහා යහපත්නම් ඊලග බාධකය ඇති කරන්නේ පංසලේ දායක සභාවේ ඉන්න බක පණ්ඩිතයෙක් හෝ බක පණ්ඩිතාවියක්. නැතිනම් මේ දෙගොල්ලන්ම.
ඔවුන් සියලු දෙනාම ජීවත්වෙන්න ඔක්සිජන් ඕනෙ නෑ කිවුව වගේම, ජීවත් වෙන්න කලාව ඕනෙ නෑ කියමින්. නමුත් අහිංසක සමාජ සම්මතයෙන් නූගත් උපාසක අම්මල කවදාවත් ඒ වැඩේට බාධා කරන්නෙ නෑ.
එක්තරා  දිනෙක, මට උගත් බුද්ධිමත් රූමත් සහ ධනවත් පංසලක සිතුවම් ඇඳීමට අවස්ථාවක් ලැබුනා. ඒ පංසලේ හෝල් එකක් වහල දාල තිබෙනව මම දැක්ක. මම හාමුදුරුවන්ට යෝජනාවක් කලා හාමුදුරුවො අපිමේ හොල් එක සෑම පෝය දිනකම බෞද්ධ චිත්‍ර පෙන්වන කලා ගාරයක් කරමු. හාමුදුරුවො එකපයින් කැමතිව වුනා. මේ සියල්ල කරන්නෙ නොමිලයේ.
ඔන්න හෙට පෝය. අද රෑ දොලහට විතර මම තනියම චිත්‍ර එල්ලනව.
ඔබ මේ සිතුවම හොඳින් බලන්න. දන්න කියන හාමුදුරු නමකගේ රූපයක් සිහියට නැගේවි.



මේ සිතුවමේ ඉන්නෙ කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවො. මට උන්වහන්සේ සිතුවමට නගන්න විශේෂ හේතුවක් තිබෙනවා. ඒතමයි උන්වහන්සේ වකුගඩුවක් දන්දුන්න සිදුවිම. උන්වහන්සේ දකිනවිට මට මේ කාරනය මතක් වෙනවා. අනෙත් කාරනය තමයි මට උන්වහන්සේට ගරු කිරීමට මේ සිදුවීම ප්‍රමානවත්. ඒ නිසාවෙන් මම මේ සිතුවම නිර්මානය කලා.
ඉහත සදහන් පංසලේ කලාගාරයේ මේ සිතුවමත් එල්ලා තිබුනා. ටික වේලාවකින් පංසලේ හාමුදුරුවෝ කෑගහගෙන වනවා. උන්වහන්සේගේ වචන වලින්ම කිවුවොත් මෙහෙමයි. " මේ අර හුත්තිගෙ පුතාගෙ රූපය නේද වසන්න මේ චිත්‍රය තියන්න එපා ගලවල දාන්න " 
මට රත්නපාල මහතා හමුනොවී තිබෙන්න විශාල අවුලක් ඇතිවෙන්න තිබුනා. එදා අද වගේ චිත්‍රය හෝ සමාජය ගැන ලොකු දැණුමක් තිබුනෙත් නෑ. කොහොම වුනත් පංසල් රටාවේ කලා භාවිතය දිගටම සොයා ගියා.
එම පොයෙන් පසුව ඒ කලාගාරය අතහැර දැමුව. මුදලට විතරක් වැඩ කලා.
අපට ඕනෑ කරන්නෙ හැමෝටම එකට ඉන්න පුලුවන් කලා ගාරයක්. ද්වේශය, වෛරය, කුහකත්වය මිනිස් හැගීම් නිසා කලාගාරයක් ඇතුලෙ ඒවා තිබීම ප්‍රශ්නයක් නෑ.
නමුත් බෞද්ධ කලාව තුල මේ සියල්ල සාර්ථකව නිරූපනය වෙනව. එහෙත් ඔවුන් කිසිවෙක් එය දන්නේ නැත.
කලාගාරයක් ප්‍රවේශ කලවිට ඒවා තිබෙන බව පහසුවෙන් හසුවෙනව. මෙතැන දී සිදුවුනෙත් එවැනි සිදුවීමකි.

Comments