වසන්ත නමස්කර ගේ 541
වැනි සජීවී සමාජ සංජානන හා සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
බෞද්ධ කලාව සහ මානසික
රෝග
සෞන්දර්යාත්මකව
දකිනතාක්, ආගම යනු නිර්මාන
ආකරයක්. එහෙත් එයින් මොහොතක් හෝ ඉවත් වුවොත්
Schizophrenia නැමති මානසික රෝගයට හෝ
කිසියම් ආකාරයක හෝ උග්‍ර මනෝ ව්‍යාධියකට වැටීමේ ඉඩකඩ සියයට අනූවයයි දශම නවයකි.
ඔබ සිතනවාට වඩා ඉතා භයානක
ආකාරයට බෞද්ධ කලාව තුල මනෝ ව්‍යාධීන් ක්‍රියාත්මක වෙයි. ද්වේශය, වෛරය, කුහකත්වය,
ලෝභය වගේම දැඩි ආත්මාර්ථ කාමී ගති බෞද්ධ කලාවේ එක් සමාජ විද්‍යාත්මක පැත්තකි.
කෙසේ හෝ නිර්මානය පමනක්
ලබාගෙන ශිල්පියා නොසලකා හැරීම බෞද්ධ කලාවේ ප්‍රධාන සිද්ධාන්තයක් බවට පත්ව ඇත. එයම
උග්‍ර මනෝ ව්‍යාධියක ප්‍රධාන ලක්ෂනයකි. වර්ණ, රේකා, හැඩතල, සංගීතය, සුවද ආලෝක
ධාරාවන් ගෙන් ලැබෙන වින්දනය පමනක් ලබා ගනියි. එය ලබා ගන්නා ගමන් අනෙකා නොසලකා මෛත්‍රීය
වඩයි.
මෙයට හොදම පිලිතුර ලබාදුන්නේ කැළණිවිහාර සිත්තරා
වූ සෝලියස් මෙන්ඩිසි මහතාය. එහෙත් අද වනතෙක් ඉතා සුලු පිරිසක් හැරුනුකොට බොහෝ
බෞද්ධයින් හාමුදුරු වරුන්ද ඇතුලත්ව කිසිවෙක් ඒ බව තේරුම් ගෙන නැත. මෙය දිගින්
දිගටම ගියොත් පංසලක් කියන්නේ ද්වේෂය, වෛරය, කුහකත්වය, ඊර්ෂාව සහ මනෝ ව්‍යාධීන්
වපුරන තැනක් වනු ඇත. මෙය වත්මන් බෞද්ධ කලාව පිලිබද සමාජ විද්‍යාත්මක හෙලිදරවුවකි.
ලංකාවේ අයිස් කඳු නැත.
බුද්ධගයාවේ ද අයිස් කඳු නැත. මෙසිරිලක සිත්තරුන් ඇතුලු බොහෝ දෙනෙක් අයිස් කඳු දැක
නැත. එහෙත් අප බුද්ධ ප්‍රථිමා පිටුපස අයිස් කඳු සිතුවම් කරමින් සිටින්නෙමු.
දෙවියන්ද දැක නැත. එහෙත්
අප දෙවිවන්ද සිතුවම් කරමින් සිටින්නෙමු.
ඇති දෙය නැතැයි කියා නැති
දෙය ඇතැයි කියා සිතමින් සිටින්නෙමු.
Comments
Post a Comment