වසන්ත නමස්කර ගේ 542 වැනි සජීවී සමාජ සංජානන හා සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සුන්දර හුදෙකලාව

මගේ සිතුවම් දකින බොහෝ දෙනෙක් දාර්ශනික ආරම්නයෙන් භාවනාවෙන් සමාධි ගතවනබව කියයි. එහෙත් මා කතා කරන්න පටන් ගත්විට පලාතක නොසිටියි. යමක් ලියූවිට ඒවා හලාහල විෂක් ලෙස බැහැර කරයි. ඒ නිසා මේවනවිට මගේ හොඳම යාලුවන් බවට පත්වී සිටින්නේ ගස්වැල්, සත්තු, අහස, ගංගාවන්, කඳු, මිටියාවත් වගේ දේවල්. බොහෝ දෙනෙක් කියනවා ඔයා චිත්‍ර ඇන්දහම ඇති. කතා කරන්නත් එපා ලියන්නත් එපා. කියන්න දෙයක් නෑ හුගක් මිනිස්සුත් එක්ක මට කතා කරන්න දෙයක් නෑ. කතා කරනවනම් ඔහුගේ වර්ණයට මගේ වර්ණය සකස් කරගන්න තමයි වෙන්නෙ.
පහත තිබෙන්නේ එවන් සටහනකි,
වසන්ත නම් සිත්තරාගේ සටහන් ඔහුහේ සිතුවම් රස විඳින්නෙකු වන මට පුදුමාකාර වදයකි. සටහන් මට තඹ දොයිතුවකට වටින්නේ නැත. එය මානසික ආකූලාතාවයකි. නමුත් ඔහුගේ සිතුවම් අපූරුව බාවනාවකි.දාර්ශනික ආරම්මනයකි. බලන්න මේ හිම කඳු වල සියුම් ලස්සන.
පිලිතුර,
මේ කතාව හරියටම හරි. මම කියන්නෙත් ඔය කතාවමයි. නමුත් මට ඔය සිතුවම් තඹ දොයිතුවක් වටින්නෙ නෑ. ඒ නිසා මම ඒවා විකුණනවා.  මහා සමාධිය සහිත සිතුවම් මිනිස්සුන්ට පෙන්වන්නෙ නෑ. දැර්ශනික ආරම්මනයෙන් බාවනාවෙන් මිනිසුන් මැරීයන නිසා. නමුත් මගේ සටහන් පෙරාපු රත්තරන්, නිල් මැණික් දියමන්ති වගේ. එහෙත් මම ඒවා කවදාවත් විකුණන්නේ නැත.

Comments