වසන්ත නමස්කර ගේ 543 වැනි සජීවී සමාජ සංජානන හා සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

 බුද්ධ ප්‍රථිමා  ආදාහනය


අද දින අමුතුම ආකාරයක ආගමික චාරිත්‍රයක් ගැන ඇසීමට ලැබුනි. ඒ තමයි වැඳුම් පිඳුම් නොකරන බුදුධ ප්‍රථිමා එකතුකර සඳුන් දර යොදා ආදාහනය කිරීමක් ගැනයි. උගත් බුද්ධිමත් විමිවරුන්ගේ අනුදැණුම ඇතිව කලත් මේක මහා ගොන් වැඩක් බව කිවයුතුම වෙනවා. හාමුදුරුවරු කියන ඕනම ගොන් වැඩක් කිරීමට අපේ මිනිස්සුන් කොටසක් සූදානම්ව සිටියත් අප එය අනුමත කරන්නේ නැත. මේක්‍රමය චාරිත්‍රයක් විදිහට සමාජ ගතවුවහොත් සියලුම බෞද්ධ චාරිත්‍ර විහිලුවක් බවට පත්වෙයි.
මේ ප්‍රථිමා හදල තියෙන්නෙ ෆයිබර්, සිමෙන්ති, ප්ලාස්ටර් ඔෆ පැරිස්, ප්ලාස්ටික් වගේ රසායන්ක ද්‍රව්‍ය වලින්. මේවා ගින්නේ දී ප්‍රතික්‍රියා කිරීමේ දී අනතුරු විය හැකියි. බොහෝවිට මේවා ගින්නෙන් විනාශවන දේවල් නොවේ.
මින්සිසුන්ට වඳින්න හින්දි නලුනිලියො වගේ රූප තියෙන්න ඕනෙ. වැඳල වැඳල පලුදු මතුවෙනවිට කැඩීය යනවිට අයින් කරනව. සාමාන්‍යයෙන් පංසල්වල මේ අයින් කරන පිළිම බෝධිය යට වලක් කපල යටකරනව. පංසල්වල චිත්‍ර අඳිනවිට, මේ වගේ වලවල් ලොකු හාමුදුරු වරුන්ගේ උපදෙස්පිට මමත් හාරලා තියෙනව. ඒ වෙලාවට මම හාමුදුරුවන්ගෙන් අහනව අපේ හාමුදුරුවනේ මේ පිලිම රත්තරන්, රිදී, මුතු මැණික් වලින් හදලනම් මෙහෙම ගෙනත් තියයිද? මොන පිස්සුද මහත්තයො.
වියපත්වූ බුද්ධ රූපය හදන්න, අඳින්න මම බොහෝ පංසල්වල උත්සාහ කරල තියෙනවා. ඒ වෙලාවට හාමුදුරුවරුයි දායකයොයි මාර සේනාව වගේ විරුද්ධ වෙනව.
වාස්තු විද්‍යානුකූල බුදු හාමුදුරුවො නැතිව සැබෑ බුදු හාමුදුරුවෝ අද වැඩියොත් කුමක් සිදුවේදැයි සිතාගැනීම පවා අපහසුය.
ඇත්තටම පරණ වූ බුද්ධ ප්‍රථිමා අලුත් ඒවාට වඩා හරිම ලස්සනයි. ඒ වර්ණ එකිනෙකට වෙනස්. කිසිම දවසක ඒ වර්ණ අතින් සකස්කල නොහැක. නමුත් මේවා හඳුනාගන්නේ ගන්නේ කීදෙනා ද? ඒ හඳුනා නොගැනීම බෞද්ධාගමයි.

වසන්ත නමස්කර ගේ 544 වැනි සජීවී සමාජ සංජානන හා සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

 පිදුම් නොලබන බුද්ධ රූප



මේ ආකාරයෙන් ඉවත් කරන බුද්ධ රූප එකතු කරල ඉතා වටිනා විශාල ස්ථාපන  නිර්මාන කරන්න පුලුවන්.
ඇත්තටම පිදුම් නොලබන බුද්ධ රූප කිවුවට මේ නිර්මාන හාදුවට පස්සෙ මිනිස්සු වඳිනව අවශ්‍ය වෙන්නෙ වැඩේ ඉවර වෙනකල් බලාගෙන ඉන්න බැරි එක. මේ සදහා අපේ හාමුදුරු වරුන්ටයි සැදැහැවත් දායකයින්ටයි පවනින රජයටයි නිර්මානාත්මක මොලේ පෑදෙන්න ඕනෙ.
එහෙම කල්පනාවක් මේ මොලවලට ආවොත් අතහැර දාපු මුඩු බිම්වල ඕනෑ තරම් සුන්දර නිර්මාන කරන්න පුලුවන්. වෙන මොනව නැතත් සොහොන් පිට්ටනි බෞද්ධ කලාගාර කල හැකියි.

වසන්ත නමස්කර ගේ 545 වැනි සජීවී සමාජ සංජානන හා සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

බෞද්ධ කලාව පොලීසියට බාරදීම


පංසල්වලින් ඉවත් කරන මෙවැනි බුද්ධ ප්‍රථිමා එකතු කරල ස්ථාපන කලා නිර්මානයක් කරන්න හැදුව. මගේ අරමුන වුනේ පිරිනිවන් මංචකය නිරූපනය කරන ස්ථාපන රූප නිර්මානය.
වැඩේ පටන් ගන්න හදනකොටම  පොලීසියෙන් පනිනව. පැනල කලාව ගැන උපදෙස් දෙනව.
හාමුදුරුවරුයි සැදැහැවත් බෞද්ධයොයි එකතුවෙලා 119 වලට කතාකරල මම බුද්ධ ප්‍රථිමා වලට අපහාස කිරීමේ වැඩ පිලිවෙලක් කරනබව.
සමහර පොලීසියේ අයට වැඩේ තේරුනත් ඔවුන්ට කරන්න දෙයක් නෑ. බංකොලොත් බෞද්ධයින් සහ බංකොලොත් හාමුදරුවරු නිසා.

වසන්ත නමස්කර ගේ 546 වැනි සජීවී සමාජ සංජානන හා සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

බංකොලොත් බෞද්ධයෝ


ඇත්තටම ‍මෙලෝ සසරක් නොතේරෙන උද්දච්ච බෞද්ධයින්ට කරන්න දෙන්නත් ඕනෙ සදුන් දර වලින් පථිමා ආදාහනය කරන්න දෙන එකමයි. එයිට වඩා යමක් ඔවුන්ට වැඩක් නැති නිසා.
සමහරවිට අපේ ලොකු හාමුදුරුවරු කරන්නෙ ඒ දෙයම වෙන්න ඇති.

Comments