වසන්ත නමස්කර ගේ 561 වැනි සජීවී සමාජ සංජානන ස්ථාපන
 දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

උන්ට මොකටද කලාගාර

(මෙම නිර්මානයේ මුල් ආකෘතිය ඇටම්පිටියබණ්ඩාරවෙළ පාරේබෝධිය ඉදිරිපිට එළිමහන් කලාගාරයේඉහල කොටසේ පිහිටා ඇත. ඔබට පහසු ඕනෑම මොහොතක එය නැරඹිය හැකිය.)




ලංකාවේ නිර්මාණ පද්ධතිය දියුනු කර, නිර්මාණ සංස්කෘතියක් ඇති කිරීමට උවමනාවටත් වඩා සම්පත් තිබෙනව. ඒ සම්පත් වලටත් වැඩියෙන් ගම්මානවල මිනිසුන්ගේ පුහු මාන්නය, කුහකත්වය, බොරු උද්දච්ච ගතිය සහ ඉරිසියාව ඕනෑ ගරම් තියෙනව. ලෝකයේ නිර්මාණ සංස්කෘතිය වේගයෙන් දියුණු වනවිට අපේ ගොබ්බ සේනලා වංසෙ කබල් ගාමින් ඉන්නව. මේ තියෙන්නෙත් අන්න එවැනි අවස්ථාවක්.
ගම්මානවල ඉන්න සමහර ගොබ්බ සේනලාට බුද්ධිය පහල කරන්න යනවට වඩා හොදයි උන්ට වංසෙ කබල් ගාමින් ඉන්ඩ දෙන එක. එය ඔවුන්ට දියයුතු හොදම දඩුවමයි.
උන්ට මොකටද කලාගාර
කියන්නේ ලංකාවේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්, පර්ලිමේන්තු මනිත්‍රීවරයෙක්, මහ ඇමති වරයෙක් කියපු සුපිරි ගොන් කතාවක්. මේ කතාව තමයි ජීවත්වෙන්න ඔක්සිජන් මොකටද කියපු කතාවෙ අනිත් එක. මේ ගොබ්බයෝ තවමත්  හිතාගෙන ඉන්නෙ ලෝකය පීරිසියක් වගේ පැතලි එකක් කියල.


Comments