වසන්ත නමස්කර ගේ 562 වැනි දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

සුන්න්දර දින දහයේ
අසිරිමත් මොහොත

දැන් ‍සුලු මොහොතකට පෙර මගේ ගුරුවරියක විසින් රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොතක පිටු තුනක් එවා තිබුනා.
අප බොහෝ වෙලාවට මානසික රෝග ගැන කතා කරනවා. ඇගේ යෝජනාව වූයේ මේ පිටු අතරේ Schizophrenia රෝගයේ ලක්ෂන තිබෙන බවයි.
මානසික රෝග ගැන ඉගෙන ගැනීම මේ වනවිට මා හට විනෝදයකි. මිනිස් සිතේ පවතින අසිරිමත් බව පුදුම සහගතය.
මානසික රෝගීන් අල්ලාගෙන රෝහල්වලට ගෙන යාම, ඔවුන්ට බෙහෙත් ලබා දීම, එසේ කල නොහැකි උගතුන් නූගතුන් ආස්‍රය කිරීම, ඔවුන්ට බැන වැදීම, නැවත මිතුරු කර ගැනීම, සමහර විද්වතුන් නිර්දය ලෙස ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ දී ඔවුන්ගේ රෝග ක්‍රමයෙන් සුවවන ආකාරය දැකීම ආදී මෙකී නොකී කාරනා නිරායාසයෙන් සිතුවම් බවට පත්වන ආකාරය  බලා සිටීම තුල අත්විදින මොහොත නම් කිරීම පවා අපහසුය.
මානසික රෝගීන් හැකිපමන ආස්‍රය කරන්න එයින් ඔබේ මනස ක්‍රමයෙන් නිසල බවට පත්වෙයි.
එහෙත් මා මානසික රෝගීන් ආස්‍රය කරන්නෙ මනෝ ව්‍යාධීන් ගැන ඉගෙනීම විනෝදයක් කරගන්නේ මානසික රෝග නැති කිරීමේ ක්‍රමයත් දැනගෙනයි. මානසික රෝග නැති කිරීමේ ක්‍රමය නොදැන මේ ගැන සොයන්න ගියොත් සමහරවිට ඔබ මනෝ ව්‍යාධියෙකු බවට පත්වෙයි.
මනෝ ව්‍යාධීන් නැති කිරීමේ ක්‍රමය භෞතික දෙයක් ප්‍රායෝගික දෙයක්. එක්කරා මොහොතක අත්විදිය හැකි දෙයක්.
මේ ක්‍රමය තියෙන්නෙ බුද්ධ දේශනාවේ විතරමයි. එය මා හට හමුවූයේ අහම්බෙන්. ඉන්දියාවේ දී මෙන්න මේ ස්ථානයේ දී.
පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

මේ ඉන්නෙ ඒ ක්‍රමය වර්ථමානයේ දී ලොවපුරා ව්‍යාප්ත කරනලද අසිරිමත් ගුරුතුමා.
පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

https://www.dhamma.org/goenka

ලංකාවේදීත් ඔබට මේ ක්‍රමය අත්හදා බලන්න පුලුවන්.
පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

https://www.dhamma.org/en/schedules/schkuta






Comments