වසන්ත නමස්කර ගේ 579 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  
කලා ප්‍රදර්ශන කෙටි කතාව.

බෞද්ධ කලාවේ
ඇතුල් පැත්ත

තවමත් නිම නොවූ බුද්ධ ප්‍රථිමවක සේයාවක් සහිත රුවක් අදුරු මුල්ලක තිබෙයි.

බැංකුවක වැඩකර විශ්‍රාම ගිය ගැහැණියක් තාප්පයෙන් එබී බලයි.

හපෝයි මේ බුදු පිළිමයක් නේද මේවා මෙහෙම තියන්න එපා පවුසිද්ධ වෙනවා. අපිත් බෞද්ධයෝ නේද?

ගැහැණිය කෑ ගසයි.

ඉඩම් කැබැල්ලක් මිලට ගැනීමට මුලු ඉඩමම මැනීමට සිදුවිය.

වසර ගනනාවකට පෙර ඒ ගැහැණියම මුලු ඉඩමෙන් පරචස් දෙකක් පමන අල්ලාගෙන ඇත.

මේ ඉඩමෙන් පර්චස් දෙකක් විතර මේ පැත්තට එන්න ඕනෙ.

එහෙම කොහොම ද? එහෙම දෙන්න බෑ. නීත්‍යානු කූලව ඒන්න. එතකොට දෙන්නම්.

පෙර ගැහැණියම කියයි.



වසන්ත නමස්කර ගේ 580 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශන කෙටි කතාව.

බෞද්ධ කලාවේ
ඇතුල් පැත්ත

ඉඩම් කොටසක් මිලදී ගත්තේය.
නිර්මාණයක් කරගෙන යයි.
පෙර ගැහැණියම තාප්පයෙන් ඔලුව දමයි.

ඔය වතුර බටේ පොඩ්ඩක් සුද්ධ කරන්න පුලුවන් ද?

මේ බටෙන් අපිට හරිම කරදරයි. වෙන පැත්තකට දාගන්න.

ඉස්සරත් ඔතනින්ම තමයි වතුර ගියේ.

ගැහැණිය කියයි.

Comments