වසන්ත නමස්කර ගේ 582 වැනි දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය

ආලෝකය, අඳුර සහ සෙවනැලි



අපේ ඇසට යමක් පෙනෙන්නේ ආලෝකය, අඳුර සහ එයින් මතුවන සෙවනැලි නිසා වෙනි. මෙය දෘෂ්‍ය කලා භාවිතයේ විවිධාකාර කඩයිම් සීමාවන් පසුකරමින් අද දක්වාම සිත්තරුන්ගේ විවිධාකාර පර්යේෂනයන්ට  ලක්වෙමින් තිබෙයි. එය ඉතා විශාල විෂය ධාරාවකි.
ආලෝකයේ ප්‍රධාන විභේධනයන් දෙකක් මේ වනවිට සිත්තරුන් හඳුනාගෙන තිබෙයි. එහි දෙවන කොටස කෙලින්ම බුද්ධියට සහ අවබෝධයට සම්බන්ධයි.
ආලෝකයේ පළමු කොටස පොදුවේ චිත්‍ර කලාව තුල කතා කලත් එහි දෙවන කොටස කතා කලේ ඉතාම සීමිත සිත්තරුන් කොටසක් අතරේ පමනි.
ඔවුන් කතාකලේ කුමක්දැයි වටහා ගැනීමට අසමත් වූ බොහෝ දෙනෙක් දර්ශනවාද ගොඩනගාගෙන අද වනවිටත් අවුලෙන් අවුලට පත්වෙමින් සිටියි. බොහෝ විශ්ව විද්‍යාල කථිකාචාර්ය සේවකයෝ ඇතුලු විද්වත් ආචාර්ය මහාචාර්ය සේවකයෝ මේ අතර ප්‍රධාන වෙයි.

Comments