වසන්ත නමස්කර ගේ 663 වැනි සජීවී සමාජ
සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය
චිත්‍රය සහ සමාජ විද්‍යා
පර්යේෂනයේ ආරම්භය
හෙට දින සමාජ විද්‍යා පර්යේෂන ක්‍රම
විද්‍යාවේ ආරම්භක දේශනයයි. මහාචාර්ය රත්නපාල මහතාගේ දේශනය හෙට උදෑසන අටට යෙදී ඇත. පුදුමාකාර
සතුටක් දැනෙයි. බඩගින්න හා පිපාසය ද නොදැනෙයි.
රාත්‍රියේ නින්ද යන්නේද නැත. පාන්දර
තුනේ පටන් ඇහැරගෙන සිටියෙමි. හෙට මොනව උතන්වයිද? මට මේවගේ බර පතල දෙයක් ඉගෙන ගන්න
පුලුවන් වෙයිද? මේක නම් වෛද්‍ය විද්‍යාවටත් වඩා අමාරු දෙයක් වියයුතුමයි. මගේ යටි සිත
නිතරම කියයි. සතුටත් සමග භීතිකාවකුත් දැනෙයි.
සුපුරුදු සිනහමුසු මුහුනින් රත්නපාල
මහතා සුමංගල ශාලාව ඉදිරියට පැමිනියේය. පෙර අත්දැකීම් නිසා ඔහු සිනාසෙන්නේ මටද
නැත්නම් වෙනත් කෙනෙකුටදැයි දැන් මා සොයන්නේ නැත.
අපේ චිත්‍ර මහත්තයා යමං යමං කියමින් රත්නපාල
මහතා මා සමග පැමිනෙයි. මා තුල භිය සහ සතුට සමානව පවතියි. භිය සමාජ විද්‍යාවටය.
සතුට රත්නපාල මහතා දැකීමය.
බලපං බලපං හොදට බලපං කියමින් රත්නපාල
සර් ගමන් කරයි. මමත් රත්නපාල සර් සමග ගමන් කරයි. මොකක්ද? රත්නපාල සර් මට බලන්න
කියන්නෙ. මම කල්පනා කරයි.
තන් දෙකයි පුකයි බලපං අන්න අරකිගෙ
පුකනම් බෙහෙත් ගහල හදපු තක්කලි වගේ. බුසු බුසු ගාල දෙන්න පුලුවන්. මොකක්ද මේ
කියන්නෙ කියා තේරුම් ගැනීමට ටික වේලාවක් ගතවිය. ඔහු මට කියන්නේ ගැහැණුන් දෙස
බලීමටය. මහා සමාජ විද්‍යඥයානේ කියන්නෙ මෙය කුමක් හෝ පර්යේෂනයක්ද? මමද එසේ බැලීමට
හුරුවිය. එහෙත් ප්‍රශ්නය තේරුම් ගැනීමට බොහෝ කල් ගතවිය.
ඊලගට රත්නපාල මහතා පැමිනෙන්නේ සති
කීපයකට පසුවය. මා ඔහු කියූ ලෙසම ගැහැණුන් දෙස බලමි. එය අවිඥානිකව විශාල කැන්වස් මත
සටහන් විය. ඔබ මේ දකින්නේ එයින් එකකි.
සිතුවම් දැකීමෙන් මිනිසුන්ගේ මනස තුල
මොහොතකට හිස් බවක් ඇති වෙයි. එදා මා එය සුලුවෙන්
හෝ දැන සිටියෙමි. ඒ හිස්බව මිනිසාගේ යහ පැවැත්මට තදින්ම බලපායි. (මෙතැන දී සිතුවම්
කියන්නේ චිත්‍ර පමනක්ම නොවේ.)
ඒ නිසාවෙන් මම එවැනිම ආකාරයේ සිතුවමි
හයක් ජපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයට නොමිලයේ පරිත්‍යාග කලෙමි. ඒ
රෝගීන්ගේ මනසට සිතුවම් දැකීමෙන් යම් සහනයක් ලැබේවි යන තේරුම ඇතිවයි. එදා ලොකු
තේරුමක් නැතිව හෝ මා සිතූ දෙය නිවැරදි බව අද මා දනිමි. සිතුවම් සහ වර්ණ මාර්ගයෙන්
රෝග සුව කරන ක්‍රමයක් අද වෛද්‍ය විද්‍යාව තුල අධ්‍යයනය වෙමින් පවතියි.
මේ සිතුවම දැන් එතැන තිබෙනවා දැයි මා
නොදනිමි. මොකද නිර්මාන හෝ නිර්මාන කරුවන් රැක ගැනීමේ ක්‍රමයක් අධ්‍යයනයක් හෝ ශිෂ්‍ය
ව්‍යාපාරයක් අදටත් එහි නැති බව මගේ අදහසයි. මේ සිතුවම් එල්ලීමේදී එදා මට සහය වූයේ අද
වනවිට කලාව මගහැරී ගොස්, ඔහුවත් නොදන්නා මොකක්ද පිස්සුවක් නටමින් සිටින, සබරගමුව
විශ්ව විද්‍යාලයේ ආචාර්ය හිනිදුම සුනිල්ය.
දන් අපි නැවතත් රත්නපාල මහතාගේ කතාවට
යමු. එහි දී සමාජයෙන් ලද අද්දැකීම් බොහොමයකි.
සමහර කෙල්ලන් මා හමුවූවිට අනේ අයියා
කොහොමද? කියා හො
ඳීන් කතා කරයි.
නමුත් ගියාට පසුව කියනවා මට ඇසෙනව, උපාසකය වගේ හිටියට මහ වලත්තයෙක් බං බලපංකො අඳින
ඒවා. මට දෙන්න හිතයි මුගෙ කටේ උලලම. එහෙත් එදා මට මෙය මහා දෙගිඩියාවකි. මූනට එකක්
නැතිතැන තව එකක්.
එහෙත් පසුව, මාහට මහා සංකෘතිය සහ උප සංස්කෘතීන්
අතර වෙනස ඉතා හොඳින් පැහිදිලි විය. එහෙත් රත්නපාල මහතා ගැහැනු දෙස බලන්න කියූවේ ඒ
අර්ථයෙන් නොවන බව වටහා ගැනීමට වසර විසිපහක් පමන ගතවිය.
කෙසේහෝ නිර්මානයක් රැකගන්නේ නැති තැනකට
නිර්මාන පරිත්‍යාග කිරීම පමනක් නොව මුදලටවත් නිර්මානයක් නොදිය යුතුය. ඒ බව
ඇස්පනාපිටම පැහැදිලි වුවත් එය මා විසින් නොසලකා හැරීමේ විපාක අද අත් විඳිමි. නමුත්
එයින් ලබාගත් අවබෝධය සමග සසදනවිට පාඩුව ඉතාසුලු ප්‍රමානයකි. නොසලකා හැරිය හැකියි. මට
මතක විදිහට මහා ශිෂ්‍ය සංගමයටත් චිත්‍ර කීපයක් දුන්න.
මේ සිතුවම් අද ජපුර වෛද්‍ය මධ්‍යස්ථානයේ
තිබෙනවානම් ඉදිර්යේ දී එය මහා වවිනා වස්තුවක් වනු ඇත. මෙවැනි ආකාරයේ තවත් සිතුවම්
තොගයක් ජපුර කැම්පස්එක ලග බෝඩිමක තිබුනා. බෝඩිම මාරු කරනවිට මට ඒවා ගන්න බැරිවුනා.
කවුරුහරි අරගෙන යන්න ඇති.
නැවතත් අප මුල් කතාවට යොමු වෙමු.
රත්නපාල මහතා කියූ ආකාරයෙන් මා ගැහැණුන් දෙස බලමින් සිටියි. එහෙත් සිතුවම් ඉගෙන
ගැනීමට ශාස්ත්‍රාලයට ගියවිට එතැන ඇත්තේ වෙන කතාවකි.
එතැනත් ගැහැණියක් මා ඉදිරියෙන් සිටියි.
මගේ සිතේ තවමත් වැඩ කරන්නේ මහා සමාජ විද්‍යඥ රත්නපාල මහතාගේ කතාවය. එතැනදී සිතුවම්
ඇඳීම සම්බන්ධව ප්‍රවීනයෙකු වන මහාචාර්ය වන්ද්‍රගුප්ත තේනුවර මහතා මගේ සිතුවම් දෙස
බලා දෙස්දෙවොල් තියයි. තේනුවර මහතා මා අසලට එනවිට මුලු පංතියම සිනා සාගරයකි. එය
අවසන් වන්නේ මොඩලයත් සිනාසීමෙනි. සමහර වෙලාවට මොඩලය මා අසලට ඇවිත් කියනවා මේ අය්යා
හොදට බලාගෙන අඳින්නකො. ජපුර කැම්පස් එකේ කෙල්ලන්ගේ ව්‍යාජ කතාව සහ මේ කෙල්ලගේ
කතාවේ ගැඹුර සිතා ගැනීමට පවා අපහසුය.
ඊලගට වැදගත් කාරනය තමයි මහා සමාජ විද්‍යඥ
රත්නපාල මහතාත් කියනව චිත්‍ර මහත්තයා හොදට
බලපං කියලා. කිසිවක් නොදන්නා මේ කෙල්ලත් කියනවා අයියා හොදට බලාගෙන අඳින්නකො කියලා.
ඇත්තටම එදා මට ඉගැන්නුවේ රත්නපාල මහතා නොව කිසිවක් නොදන්නා මේ කෙල්ලයි.
ඊලග සතියේ ආට් ඇකඩමියට යනවිට මෙන්න
බොලේ ඇත්තම ඇත්ත ඇට සැකිල්ලක්. හරියටම මගේ උසටමයි. ඇඳපංකො ඉතින්. සියලු දෙනා මා
දෙස බලාගෙන මුහුනු වසාගෙන සිනාසෙයි. එදා සවස් වනවි ලෝකයේ තිබෙන අමාරුම වැඩේට අත තබා
ඇති බවක් මෙන් හැගීමක් මතුවිය. එය සමාජ විද්‍යාවට වඩා කොතරම් බරපතලද? සමාජ විද්‍යාව
පසුකර යයි.
පසුව සරසවියේ වෛද්‍ය සිසුන් හිතවත්
කරගෙන ඇටසැකිලි අධ්‍යයනයටත්, වෛද්‍ය පොතපත සොයා බැලීමට සහ මෘත දේහ අධ්‍යයනයටත්
යොමු විය.
එක් දිනක් වෛද්‍ය සිසුවෙක් ගෙන් හිස් කබලක්
ඉල්ලාගෙන ගියේය. කාමරයේ ඉඩ නැති නිසා එය මගේ ඇඳමත තබා තිබුනි. මා සමග සිටි අනෙක්
මිතුරා භය භිරාන්ත වී මහා අවුලක් කරගැනීමට ගියේය. මිනිසුන් මෘත දේහ වලට භියවීම දුර
අතීතයේ සිට පැවත එන්නකි.
මිනිස් රූපය ඇඳගෙන යනවිට මස්ලේ විනිවිද
ගොස් ඇටසැකිල්ල ලගින් නතර වෙයි. ඇටසැකිල්ලත් විනිවිද යාමට හැකිනම් සිත හමුවෙයි.
අන්න එතැනදී රත්තපාල මහතා කියන ෆැන්ටසිය හමුවෙයි. ඒ කියන්නෙ මම තේරුම්ගත් ආකාරයට
සිත හමුවෙයි. (වචනාර්ථයට එසේ ලිව්වත් ෆැන්ටසිය කුමක්ද යථාර්ථය කුමක්දැයි කිව නොහැක.
කඩදාසියක දෙපැත්ත වගේ)
ෆැන්ටසිය ඒ කියන්නෙ සිත අනන්ත ප්‍රමානයක්
විනිවිද යා හැකිය. එහි නිමක් නැත. සමාජ විද්‍යාව කලාව සංස්කෘතිය අදී සියල්ල ඒය තුල
ඇත. එහෙත් එය මස් ලේ සහ ඇට සැකිලි වලින් තොර වූවක් නොවේ.
Comments
Post a Comment