වසන්ත නමස්කර ගේ 584 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය (බෞද්ධ කලාවේ ඇතුල් පැත්ත)

බෞද්ධ කලාව පොලීසියට බාරදීම




කලාගාරයට ඇතුලුවන තැන තවමත් වැඩ නිමනොවූ පිලිරුවක් තිබේ. එය මෙතැනම ඉධිකරමින් තිබෙන්නේ කවුරුන් හෝ දැකීමෙන් ඔවුනට යහපතක් සිදුවෙයි යන අර්ථයෙනි.
නොමිලයේම බෞද්ධ කලාවට සේවය කිරීමට හදිසියේම ඉන්දියානු ගමනක් යෙදුනි.
ඉන්දියාවේ පාර්ලෙයිය වනයේ සිටියදී ලක්දිව පොලීසියෙන් කෝල් එකක් එයවා, තමුසෙ බුද්ධ ප්‍රථිමාවට අපහාස කරනවා වහාම ගේ ඉස්සරහ තියෙන පිලිමය ඉවත් කරන්න. නැත්නම් වැඩේ ලේසි වෙන්නෙ නෑ. මොනවද මේ මේවා කලාවද?
මොකක්ද යකො මේ කුණුහරුපෙ. මම බුද්ධ ප්‍රථිමාවක් ගේ ඉස්සරහ හැදුවෙ නෑනෙ.
ටිකක් හොයල බලනවිට තමයි වැටහුනේ මම නැති අතරෙදී ලක්දිව සුසිල්වත් සැදැහැති බෞද්ධයෙක් පිලිරුවේ ෆොටෝ එකක් අරගෙන, ග්‍රාමසේවකට කියල, පංසලේ උගත් රූමත් බුද්ධිමත් හාමුදුරුවොත් ගොනාට අන්දවල. ගොබ්බ රැලම එකතුවෙලා 119 අංකයට කතා කරල පොලීසියට කියලා මම බුද්ධ ප්‍රථිමාවලට අපහාස කරනවා කිලය. ඊට පස්සෙ පොලීසියෙන් ඇවිත් කලාව උගන්වනවා.
මගේ මිතුරෙකු යවා බෞද්ධ කලාවට කිසිම සම්බන්ධයක් නැති ප්‍රථිමාව විනාශ කරන ලදී.
පාර්ලෙයිය ‍වනේ මුදුනෙ ඉන්නවිට ඈතින් පෙනෙනව ඝෝෂිතාරාමය, උදේනි රජතුමාගෙ මාළිගය.
හරිනෙ, බුදු හාමුදුරුවොත් පාර්ලෙයිය වනයට තනියම වැඩියෙ ඝෝෂිතාරාමයේ සංඝයා‍ගේ  ආරවුල නිසානෙ.
මා විසින් ප්‍රථිමා වන්දනය තුන්වන වතාටත් අත්හැර දමන ලදී. බෞද්ධ කලාව කරගෙන යාම පොලීසියට බාර කෙරුවෙමි. නැවත කිසිම දිනෙක බුද්ධ ප්‍රථිමා වන්දනාවක් නැත. එහෙත් වදින අයට ප්‍රථිමා සකස්කර දෙමි. බුදුන් මගේ ප්‍රථිමා අනුන්ගෙ.
මනෝ ව්‍යාධියක් හිතේ තිබෙනවිට ගස්ගල් වලිනුත් රූප පෙනෙනවා. එය දකින්නාට සත්‍යයක්. මේ රෝගයට කියන්නෙ Schizophrenia කියලා.


වසන්ත නමස්කර ගේ 585 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය (බෞද්ධ කලාවේ ඇතුල් පැත්ත)

බුදුන් මගේ ප්‍රථිමා අනුන්ගෙ




බෞද්ධ නිර්මාන කලාවේ අත්දැකීම් අනුව බැලීමේ දී බුද්ධ ප්‍රථිමාවක් නිර්මානය කල ශිල්පියාගේ ගති ස්වභාවයන් සිතුම් පැතුම් නොදැන එයට වැදීම ආගමකි. හේතුව එහි බුදුන් වහන්සේ නොමැති නිසා.

වසන්ත නමස්කර ගේ 586 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය (බෞද්ධ කලාවේ ඇතුල් පැත්ත)

මහා නුගේ කපා කුඹුක් ගස ගිනි තැබූ
ගොබ්බ හිමිනම



(දෘෂ්‍ය කලාවේ ආචාර ධර්ම නිසා නම්ගම් හෝ ස්ථාන සදහන් කරන්නේ නැත.)

බුද්ධ ප්‍රථිමා ඉධි කිරීම, විහාරයේ සිතුවම් ඇඳීම මහා වටිනා කමකින් යුතු අති උත්තම දෙයක් ලෙස කුඩා කාලයේ සිතුවෙමි. එසේ සිතීමට උගන්වා තිබුනි. ඒ නිසා තිබෙන උපරිම හැකියාවෙන් ඒවා කලෙමි.
එක්තරා ආරණ්‍ය සේනාසනයක. ප්‍රථිමාවක් තනා විහාරයේ සිතුවම් ඇඳීමට දායක වුනෙමි.
හාත්පස වන අරනින් ගැවසුන. පුරාණයේ සිට තිබුනු කුඩා බුදු කුටිය ඉතා සුන්දරය. එයට ඉහලින් පර්වතය මත පස් කන්දේ කුඹුක් ගසක් සහ මහා නුග ගසක් තිබුනි. එතැනින් පහලට ඇදහැලෙන මහා නියගයටවත් සිදී නොයන දිය උල්පතකි.
ඒ කුඹුක් ගස සහ මහ නුගය කපා දැමු සේනාසනාධිපති හිමියෝ පර්වතය මත, සල්ලිකාර දායකයින්ගේ උදවුවෙන්, විහාර ගෙයක් ඉධිකර බුද්ධ ප්‍රථිමාවක් සාදා සිතුවම් අන්දවා ගත්තේය. විහාරගෙයි බිමට ඇල්ලීමට ගෙනා කැත ටයිල් එක මුතු මැණික් ලෙස උන්වහන්සේ වර්ණනා කලේය.
එදා එය දිව්‍යලෝක   සම්පත් උදා කරන මහා පුන්‍ය කර්මයක් ලෙස පෙනුනත්, අද එය අපාගතවන ගොන් වැඩක් බව පැහැදිලිය.
පසුව දිය උල්පත සිඳී ගියේය. පර්වතය මත සුර විමානයක් ලෙස වැඩුනු වනස්පතීන් නැතිවී ගියේය. දැන් පරවතය මත මල පෙරේතයෙකු සිටිනවා මෙන් පෙයෙයි.
 එදා හාමුදුරුවරුන් කරන කියන සියලුමදේ බුදුන් වදාල දහම යැයි සිතූ මා නොදන්නා කමින් හෝ මේ ගොන් වැඩේට  සම්බන්ධ විය. පරිසරය වැනසීම බුදුන් වදාල දහමක් නොවේ.


වසන්ත නමස්කර ගේ 587 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය (බෞද්ධ කලාවේ ඇතුල් පැත්ත)

හාමුදුරුවෝ ගොන් බාස් වීම



බෞද්ධ කලාවතුල දී නිර්මාන කරුවාට නිර්මානාත්මක හැකියාව දක්ෂතාවය වගේම බුදුන් වහන්සේ ගැන යම් අවබෝධයක්, ජීවිතය ගැන යම් පරිනත බවක් තිබෙන බව දැනුනොත් එයට පළමුව විරුද්ධ වන්නේ හාමුදුරු‍වරු සහ දායකයෝ. ඔවුන් ඉතා සියුම් ලෙස සිනාමුසු මුහුනින් යුතුව ශිල්පියා විනාශ කරනවා. එය කිසිවෙකුට සිතා ගැනීම පවා අපහසුය.
දණ්ඩෙන් පහර කෑ නාගයින් ලෙස අභ්‍යන්තරිකව කිපෙන ඔවුන් අතිසූක්ෂම ලෙස මෙය ක්‍රියාත්මක කරනවා. ඒ සියලු දෙය අසාර්ථක වන බව පෙනෙනවා නම්, චිත්‍ර බාස්, පිලිම බාස් යන නම සියුම් ලෙස සමාජ ගතකරනවා. ලංකාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගිය සමහර හාමුදුරු වරුන් දායකයින් ඉන්න පිට රටවලත් එලෙසමයි.
එයට හේතුව තමයි ලංකාවෙ කුල ධූරාවලියේ පහල තැනත චිත්‍ර කලාව තිබීම. මේ කුල වාදය ලක්දිව සංඝ සමාජයටත් කෙලින්ම බලපා තිබෙනව.
නමුත් මේ කාලය තුල බටහිර ලෝකයේ චිත්‍ර කලාවේ අධ්‍යාත්මය පිලිබදව බෙහෝ දේ සොයාගෙන අවසන්. ඩාවිනිසි ආදී සිතිතරුන් මානව රූපය ඇඳීම සම්බන්ධයෙන් බොහෝ දැණුම සොයාගත්තා. නමුත් ඒ දැණුම ලංකාවට ලැබුනෙ නෑ. ලැබුනත් එය නොසලකා හැරියා. අද නොලැබෙනවා නොවෙයි බෞද්ධ කලාව විසින් එය හිතාමතාම මගහැර යනවා. මෙය සරලව කිවුවොත් අද බුදුන් වැඩියොත් ඉස්සෙල්ලම බුදුන්ට පහර දෙන්නෙ හාමුදුරුවරුයි දායකයොයි එකතුවෙලා. එසේ නොකරන අය කීපදෙනෙක් පමනක් ඉතිරිවෙයි. (මෙයට හොදම උදාහරනය තමයි කැළණි විහාරයේ සිදුවීම)
මේ ගැන සවිඥානික නොවන නිර්මාන කරුවන් බෞද්ධ කලාව තුලම මිය යනවා. නැතිනම් ඔවුන් මහත්වරුන් වෙන්න උත්සාහ කරනවා. ඊලගට හාමුදුරු වරුන් කරන්නෙ මහත්වරුන් වනසන්න බාස්ලා යෙදවීම.
අන්තිමට පංසල පාලනය කරන්නෙ බාසුන්නැහෙලා.  අවසානයේ හාමුදුරුවෝ පංසලේ ගොන් බාස් වෙනවා. අද බෞද්ධ කලාව තුල සිදුවෙමින් තිබෙන්නේ එයයි. (කැළණි විහාරයේ සිතුවම් නිර්මානය කල සෝලියස් මෙන්ඩිස් මහතාටත් මෙයින් ගැලවීමට නොහාකි වුනා.)
බෞද්ධ නිර්මාන කලාව තුලදී නිර්මාන කරුවා දැනගන්න ඕනෙ බොහෝ පංසල්වල ඉන්න ගොන් බාස් තමයි හාමුදුරුවෝ. බාස් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න යමක් තිබුනත් ගොන් බාස් කෙනෙක් ගෙන් යමක් ඉගෙන ගත්තොත් සිදුවෙන්නෙ කුමක්ද යන අවබෝධය ඔහුට තිබිය යුතු වෙනවා.
අවසානයේ ගොන් බාස් හාමුදුරුවරුන්ට කලාවත් නැති වෙනව, බුදු හාමුදුරුවොත් නැති වෙනවා.
(අප මෙහි සදහන් කරන්නෙ සියලුම හාමුදුරු වරුන් ගැන නොවේ. ගොන් බාස් හාමුදුරු වරුන් ගැන පමනයි.)
බෞද්ධ කලාව තුලදී කවුරු හරි ගොන් බාස් හාමුදුරු කෙනෙක් හමු වුව හොත් ඔහුට ලබා දියුතු හොදම දඩුවම වන්නේ ඒ ගොන් ගතිය නඩත්තු කරගෙන යාමට ඔහුට උපකාර කිරීමයි. ඉතා හොදින් ගරු බුහුමන් දැක්වීමයි.

වසන්ත නමස්කර ගේ 588 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය (බෞද්ධ කලාවේ ඇතුල් පැත්ත)

බුදු සසුන වනසන
චීවර වේශධාරී ගොබ්බයෝ




අප මේ කතා කරන්නේ ධර්මධර විනයධර හිමිවරුන් ගැන නොවේ. ධර්මධර විනයධර හිමිවරුන්ගේ ආකාරයටම සිවුරු පොරවාගත් ගොබ්බයින් ගැනයි.
ඔවුන් අතර පිස්සන්, කපටියන් සහ වංචාකාරයින් සිටියි. ඔවුන් චීවරයට මුවාවී සියලු දහදුරා වැඩ ඉතා සියුම් ලෙස කරමින් අනෙකා රවටමින් ජීවත්වෙයි.
එයින් සිදුවන්නේ ධර්මධර විනයධර හිමිවරුන්ගේ ගෞරවයත් නැතිවී යාමයි.
ඒ බව ඇසුරුකර චර්යාවෙන්ම වටහා ගන්න. පිස්සෙක්, කපටියෙක්, වංචාකාරයෙක් බව දැනුනොත් වහාම ඉවත් වන්න. ඔහුට දියයුතු හොදම දඩුවමත් ලබා දෙන්න. එනම් ඉතා ගෞරවයෙන් සැලකීමයි. එවිට ඔහුගේ ගොන් ගතිය තවතවත් ප්‍රදර්ශනය කරනු ඇත.







Comments