වසන්ත නමස්කර ගේ 594 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය.

මිතුරු දනවුවේ සංදේශය



අප පීඨයේ වසන්ත නමස්කාර සහෘදයා විසින් අපේම තවත් සහෘදයින් දැඩි ලෙස අපහසුතාවයට පත්වන අයුරින් ඔහුගේ face book පිටුව හරහා අවලාද නගමින් සිටී. ඔහුගේ මෙම ක්‍රියාව තරයේ හෙලා දකිමු.

Jayasiri Amarathunga අපේ හිතවතෙකු ඉන්න උසස් තැන ගැන සතුටු වෙන මනසක් සකසාගෙන එයින් සතුටු වෙන්න. එහි ඇති චමත්කාරය විදින්න. හිතවත් වසන්ත, ජපුර විශිෂ්ඨයින්ට පරිභව නොකර ඔබද විශිෂ්ඨයෙක් වෙන්න. අපේ ආරම්භයේ තිබු කටුක බව අමතක නොකරන්න.
සරසවි ඇදුරන්ගේ දෝෂ ප්‍රකාශනයෙන් මිදී ඔවුනට වඩා උසස් තැනකට ශිල්පය ගෙනෙන්නට උත්සාහ දරන්න .

සමාවෙන්න . මම ආදරය කලේ ඔබේ අතීතයේ අහිංසක මිත්‍රත්වයට. ඔය ප්‍රතිචාරයට මම කැමති නෑ. ඔබ වෙනස් වෙලා . ඒ වෙනස් වසන්තට මම කැමති නෑ . ආයුබෝවන් වසන්ත.

Weerapola SD මු සර් ගේ පේපර් එකට ලියුවේ සර් කියපු බොරු. එහෙනම් වසන්තගේ උපාධියත් බොරු..

Sarath Premathilaka එකක් දෙකක් කියපන් කෝ අයියේ...ඒ වගේ අය බොරු කියන එක බයානක දෙයක්...

පිලිතුර

විෂය කරුණුවිනා අවලාද නොකියමි. හිතවත්කම විනා වෙනත් කිසිවක් නැත.
මිතුරන් ඇතිවිට සතුරන්ද ඇතිවේ. සතුරන් ඇතිවිට මිතුරන්ද ඇතිවේ. අනතුරුව සතුරු මිතුරු අරගලය ඇතිවේ.
සැබෑම සහෘද බව නම් මිතුරන් දැඩි අපහසු තාවයට පත්කර හෝ ඔහුට ඔහුගේ ප්‍රශ්නය පෙන්වා දීමයි. එවිට ඔහු එයින් ගැලවී යයි. නැතිනම් ගැලවීමට උත්සාහ කරයි. නැතහොත් ප්‍රශ්නයක් තිබෙන බව හෝ වටහා ගනියි. එවිට දැනෙන සතුට කියා නිමකල නොහැක.
එහෙත් මෙයින් මතු කිසිවක් නොකියමි.

මේ අවලාදයද මා අසා සිටිමි. ස්‍රවනය කරන්න.



Comments