වසන්ත නමස්කර ගේ 595 වැනි සජීවී සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශන කෙටිකතාව
විජේරාම හංදියේ බෝධිය
ඉස්සර මේ බෝධියේ එක අත්තයි. කොල වැඩිම උනොත් දහයක් පහලොවක් විතර ඇති. බෝධිය පොඩියට පෙනුනට කැම්පස් එක හිතාගන්න බැරි තරමට මහා ලොකුවට දර්ශනය විය.
අද බෝධියේ පත්‍ර සිය දහස් ගනනයි. බෝධිය මහා විශාලයි. නමුත් කැම්පස් එක හරිම පොඩියට පෙනෙන්නෙ. පොඩියට පෙනෙනව විතරක් නෙමෙයි. එන්න එන්නම කුඩා වෙනවා. මෙහෙම ගිහින් සමහරවිට නැතිවම යයි වගේ. කොහොමද එහෙම වෙන්නෙ.
රත්නපාල සර්ගෙ පොත් කියවල ජපුර කැම්පස් එකට එනවා සමාජ විද්‍යාව හදාරන්න. විජේරාම හංදිය හොයාගනන බැරිව නුගේගොඩට යවා මහරගමට එනවා. බැරිමතැන නාවින්නෙන් බැහැල පයින්ම එනවා. අහන අහන අය කියනවා ඉස්සරහ බෝධියෙන් වමට යන්න. හැමතැනම බලනව බෝධියක් නෑ.
හංදිය ලගටම ඇවිල්ලා කෙනෙක්ගෙන් ඇහුවා කොහෙද බෝධිය. මේ තියෙන්නෙ. ලස්සන පුංචි බෝ පැලේ. එතකොට කැම්පස්එක කොහෙද තියෙන්නෙ. එහෙම එකක් මෙහේනම් නෑ.
මාර වැඩේනෙ, මෙච්චර ලොකු මහාචාර්ය වරයෙක් ඉන්න කැම්පස් එක හොයාගන්න බෑනෙ. සමහරවිට ඔය පාරෙ වෙන්න ඇති. මොකක්හරි තියෙනව ගිහින් බලන්න.
සමහර දේවල් පුද්ගලයින් අපිට ලොකු වුනාට ලෝකෙට ලොකු අයවත් ලොකු දේවල්වත් නෙමෙයි. අපි එහෙම හිතනව විතරයි. ලෝක ධර්මතාවය වෙන එකක්.
වසන්ත නමස්කර ගේ 596 වැනි සජීවී සමාජ
විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශන
කෙටිකතාව
මහා සමාජ විද්‍යඥයා දර්ශනය වීම
කෙසේහෝ සමාජ විද්‍යාව හැදෑරීම මාගේ පරම
අපේක්ෂාව විය. ඒ සදහා පළමු වසරේදී සමාජ විද්‍යාවට වැඩි ලකුණු ලබා ගතයුතුය.
නෝට් එකෙන් පිටින් ප්‍රශ්ණයක් නොසෑදෙන
බව ඉවෙන් මෙන් දැනුන නිසා සිලයු නෝට් කට පාඩම් කලෙමි. මුල්කාලීන සමාජ විද්‍යාඥයින්ගේ
පොත්පත්වල නම්ගම් පවා මහා අනර්ඝ වස්තූන්විය. ඉංග්‍රීසි මෙලෝ සසරක් නැතිවත් වචන
ගැටගසාගෙන කියවීමට අශාකලෙමි. එසේ කියවීමටත් පොත්පත් පුස්ථකාලයේ නැත. සොයා බලනවිට
ඒවා ගුරුවරුන් ලගබව කියයි.
දෙවැනි වසරේ පටන් සමාජ විද්‍යාව සහ
මානව විද්‍යාව හැදෑරීමට හැකිවිය. දැන් සටහන් විතරක් දෙනඑකක් නෑ. මගේ සිතිවිල්ල
විය.
වෙනත් කොහේදෝ රටකසිට රත්නපාල සර්
පැමිණියේය. ඈතින් සිට කාමරයට එබිකම්කර බලමි. ලගට කිටිටුවෙන්නත් බයයි. මහා සමාජ
විද්‍යඥයා පුදුමාකාර දැණුමක් ඇති. අපි කවුද? තව ටික දවසකින් අපිට උගන්වයිනෙ.
දවසට දෙතුන්පාරක් රත්නපාල සර් ඉන්නවාදැයි
කාමරයට එබිකන්කර බැලීම දිනචරියාවේ එක් අන්ගයක් විය.
සුමංගල ශාලාවට ඇතුල්වන තැන වම් පැත්තේ
ඔහුගේ කාමරය තිබුනි. සුපුරුදු විදිහට රත්නපාල සර් ඉන්නවාදැයි බැලීමට මම ගියෙමි.
එදින ඔහු සිනාසුනේය. මමද සිනාසුනෙමි.
කාමරයේ කිසිවෙක් නැත. නැවත ඔහු සිනාසුනේය. මමද සිනාසුනෙමි. එහෙත් ඔහු සිනාසී
තිබෙන්නේ මා සමග නොවේ. කාමරයෙන් මෙපිට අහල පහල ඉන්නා ළමයින් මා තනියම සිනාසෙන්නේ
ඇයි දැයි කියා මා දෙස බලනබව වටහා ගැනීමට ටික වේලාවක් ගතවිය.
මොකක්ද යකෝ මේ සිද්ධවුනේ. එය තේරුම්
ගැනීමට වසර විස්සක් පමන ගතවිය.
වසන්ත නමස්කර ගේ 597 වැනි සජීවී සමාජ
විද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශන
කෙටිකතාව
පර්යේෂන භීතිකාව
සමාජ විද්‍යාව ගැඹුරින් හැදෑරීම ක්‍රමයෙන්
ගිලිහී යන බව මට දැනුනි. එක්තරා ආචාර්ය වරයෙක් පැරණි සගරාවක තිබෙන සටහනක් අකුරක්
නෑර මාස දෙකකටත් වඩා වැඩි කාලයක් දුන්නේය. ඒ සගරාව මා හට හමුවිය. ඒ ලිපිය ලියා
තිබුනෙත් ඔහු විසින්‍මය.
වහාම මුදල් ගෙවා විභවි ආයතනයට ගොස්
චිත්‍ර කලාව හැදෑරීමට තීරනය කලෙමි. චිත්‍රය සහ සමාජවිද්‍යාව මානව විද්‍යාව අතර
මොකක්දෝ සම්බන්ධයක් තිබෙන බව ඉවෙන් මෙන් එදා මා හට දැනුන නිසාදෝ පළමු ප්‍රදර්ශනය
ජපුර විශ්ව විද්‍යාලයේ පුස්ථකාල ශාලාවේ දී දින තුනක් පවත්වන ලදී.
මා සිතුවේ සමාජ විද්‍යා හා මානව විද්‍ය
අධ්‍යයනාංශයේ ගුරුවරුන් ප්‍රදර්ශනයට එයි මට යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි. කියා
එහෙත් ආරාධනා කලත් කිසිම ගුරුවරයෙක් පැමිණියේ නැත. සිතුවම් මිතුරන් අතර බෙදාදෙන
ලදී.
සිතුවම් එකින් එක නිර්මානය වීමේ දී
වෙනම දැනුමක් ගොඩනැගෙන බව ක්‍රමයෙන් පැහැදිලි විය. එය ගුරුවරුන්ට හසුනොවන
දිශානතියක් කරා ගමන් කරන බවත්, එය සමාජ විද්‍යවේ විෂය සීමාවන් ආවරනය වෙමින් එය
ඉක්මවා ගමන් කරන බවත් පැහැදිලි විය.
ඒ නිසා දෙවන තුන්වන හතරවන ආදී වශයෙන් ප්‍රදර්ශන
සංවිධානය විය.
ජපුර සමාජවිද්‍යාව හැදෑරීම සහ
නොනවත්වාම ප්‍රදර්ශන සංවිධානය කිරීම නිසා බොහෝ බාධකයන් ඇතිවී තිබුනි. නමුත් එය
වටහා ගැනීමට මා හට වසර විසි පහක් ගතවිය.
දිනක් රත්නපාල මහතා මගේ කරේ අත දමාගෙන
අපේ චිත්‍ර මහත්තය මම තමුසෙ ගැන හොයනව තමුසෙලා වගේ අය හරිම අඩුයි කියමින් මා සමග
සමන් කලේය. රත්නපාල සර් ගේ හිස් මුදුන මගේ නිකටේ ගෑවෙයි. එතුමාගේ උස එපමනයි.
මා හට මාරාන්තික සතුටක් දැනුනි. හත්තිලවුවේ
මහා සමාජ විද්‍යාඥයාගේ හිස් මුදුන මගේ නිකටේ ගෑවෙනව නේද? මොනව නැතත් මේ මදැයි. මේක
නම් කෙනෙකුට ලේසියෙන් කරගන්න බෑනෙ. දැන්
ඉතින් මට ඉගෙන ගන්න පුලුවන්.
හේතුව කුමක්දැයි අපැහැදිලි වුවත් එකල
මා කොණ්ඩය තරමක් දිගට වවා තිබුනි. අපේ වීරයින්ගේ මෝඩ වැඩ නිසාවෙන් කැම්පස් එක මාස
ගනනක් වැසීගොස් තිබුනි. මා කොණ්ඩය කපා කැම්පස් එකට පැමිණියෙමි. රත්නපාල සර් මා
හදුනා ගත්තේ නැත. මතක්කර දුන්නත් ඔහුට මතක නැත. එදා මා හට එතුමාගේ පර්යේෂන
ගැන භීතිකාවක්
පහල විය.
එසේනම් සියලු පර්යේෂනවල අවසානය හිස්බවක්
ද? කය දුබල වනවිට පර්යෙෂන කුමට ද? රත්තපාල මහතාටත් සිදුවූයේ එවැන්නක් ද? නැත්නම්
කාලාන්තරයක් පැවති දෙයක් ද?
Comments
Post a Comment