වසන්ත නමස්කර ගේ 598 වැනි සජීවී සමාජ විද්‍යාත්මක දෘෂ්‍ය  කලා ප්‍රදර්ශන

ලක්දිව සරසවි ඇදුරන්  සහ නවක වදය



මේ තියෙන්නේ ඉන්දියාවේ පූනේ කැම්පස් ‍එකේ දැන්වීම් පුවරුවල තියෙන පෝස්ටරයක්. මේකෙ තියෙන්නෙ නවක වදය ගැන.
කුල වාදය මුල් බැස ගත්ත ලංකාව වගේ හැට ගුනයක් විශාල ඉන්දියාව වගේ රටක සරසවිවලත් නවක වදය නෑ.
නමුත් බෞද්ධාගම ඇතුලු තවත් ආගම් ගනනාවක් තියෙන ලංකාවෙ සරසවිවල මාරාන්තික නවක වදය. බෞද්ධ විශ්ව විද්‍යාල වලත් හාමුදුරුවරු හාමුදුරුවරුන්ටම රැග් කරනවා.
මහපෝයට වෙසක්දාට කන පැලෙන්න බන කියන ගිහි පැවිදි කථිකාචාර්ය සේවකයින් ඉන්න රටේ  කැම්පස්වල නවක වදය තියෙනවා.
ලෝකෙ පෙරලන්න සමාජයේ වෙනසක් ඇති කරන්න දෙසුම් දෙසන කථිකාචාර්ය සේවකයින් ඉන්න සරසවිවල නවක වදය උපරිමයි. 
නවක වදය කියන්නෙම මනෝ ව්‍යාධියක් මෙය නවත්වා ගන්න බැරිව සමාජ ප්‍රගමනය වෙනුවෙන් කථිකාචාර්ය සේවකයින් ඇතුලු සරසවි ප්‍රජාව කරන සියලුම ක්‍රියාකාරකම් සහ දෙසුම් ව්‍යාජයි, කුහකයි, නින්දිතයි.
නවක වදය නිසා කිසියම් යහපතක් රටට වෙනවා නම් ඉස්සෙල්ලම ‍ලංකාවෙ දොස්තරලගෙ වැඩ වර්ජන නවතින්න ඕනෙ. ජාතික ධනයෙන් ඉගෙනගෙන ඒ මිනිස්සු ලෙඩ වුවහම බෙහෙතක් නොදී ඉන්නවනම් ඒක මහා අපරාධයක්. 






Comments