වසන්ත නමස්කර ගේ 600 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය
මිතුරු දනව්ව


මිතුරු දනව්වේ සහෘදයෙනි. ඔබ විසින් මා නිවැරදි කිරීම සම්බන්ධයෙන් අනේක වාරයක් ස්තූති වන්ත වෙමි.  නැතිනම් මා විශාල කරදරය කට පත්වීමට ආසන්නයේ සිටිය බව පැහැදිලිය. මා අතින් යම් සිත් රිදීමක් හෝ යම් අපහසු තාවයක් ඇතිවූවා නම් සමා වෙන්න.
 මා උග්‍ර මනෝ ව්‍යාධියකින් පෙලෙන බවනම් මාහට දැන් ඉතාම පැහැදිලිය. මා මේ දිනවල කරමින් ඉන්නෙත් කාට හෝ චිත්‍රයක් විකුණා එයින් ලැබෙන මුදලින් මානසික රෝගීන්ට බෙහෙත් අරන් දෙමින් ඔවුන් රෝහල් කරා ගෙනයාමයි.
කිසිම දොස්තර කෙනෙක් මාගේ මානසික රෝගයට බෙහෙත් දෙන්නේද නැත. ඒ මදිවාට මානසික රෝගීන්ට චිත්‍ර ඉගැන්වීමටත් පවරා ඇත.
මා අතින් මේ දිනවල ඇ‍‍‍‍දෙන චිත්‍රත් නිකම් පිස්සු වගේ. සල්ලි මදි වෙනවිට හිතුන හිතුන ගනම් කියනවා. පදුම වැඩේ කියන්නෙ ඒවා ගන්න අයත් ඉන්නවනෙ. සමහර වෙලාවට එකම චිත්‍රයට මිනිස්සු රණ්ඩු වෙන්නත් යනවා.
වෙන්නෙ මොකක්ද කියලා  මටත් හිතාගන්න බැරිම තැන මානසික රෝග ගැන තියෙත තඩි ඉංග්‍රීසි පොත් දොස්තරලගෙන් ඉල්ලගෙන වචන ගලපමින් කියවනවා. මේ දිනවල කිසිම කෙනෙක්ගෙන් හොදක් ඇහෙන්නෙ නෑ. පිස්සො විතරයි හොදක් කියන්නෙ. ගෙවල් වලිනුත් බනිනවා තමුසෙත් කවදාහරි අංගොඩ ගිහින් තමයි නවතින්නෙ කියලා.
ඔබ මේ කතාව ඇහුවොත් පුදුම වෙයි. ජපුර විශ්වවිද්‍යාලයේ මා ඉතාම ආදරය කල ගුරුවරයෙක් මේ දිනවල උග්‍ර මනෝ ව්‍යාධියකින් පෙලෙනවා. ඔබට එවැනි තොරතුරු මෙතැන හෙලි කරන්නේ නැත. අපේ මිත්‍රයින් බොහෝ දෙනෙක් යන්නෙත් ඒ පාරේ. මොනවා කරන්නද?
අපි මේවා ගැන අප්‍රසිද්ධියේ කතා කරනව. අප අතරේ ඉන්න අද්දැකීම් වැඩිම කෙනා නිතරම කියන කතාවක් තියෙනව. වසන්ත ඔයාගෙ කකුලෙ සෙරෙප්පු දෙකක් තියෙනවනෙ. ඇයි පාර අතුගගා ගල් ඇහිද ඇහිද යන්නෙ.



Comments