වසන්ත නමස්කර ගේ 601 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය

ප්‍රේම තිලකගේ රස වින්දනය


උපුටා ගැනීම
Sarath Premathilaka අපි කාටත් අඩු වැඩි විදියට උම්මත්තක ගතිරටා තියෙනව..බුදුන් ඕක කිව්ව..මෙතනදි මට තේරෙන විදියට වෙන්නෙ යම් කිසි ඩිස්කෝර්ස් එකක එහෙමත් නැත්නම් ටෙක්ස්ට් වල ගොදුරු බවට පත් වූවෙකුට සිද්ද වෙන්න පුලුවන් අනතුර තමයි එයට ගොදුරු වන්නාගේ දෘශ්ටිය අර මතවාදය විසින් මෙහෙය වීම..මට වසන්ත අයියා පැත්තකින් තියල ඔහුගේ සිතුවම් කියවීමෙන් පෙනුන දෙයක් තමයි මේසිත්තරාගේ ළමා කාලයේ මූලික පවුල් සංස්තාවට තුල ඇති අවදිමත් හරි දෙදරා යෑම් තියෙනවද කියන සැකය..අනෙක හරියකට තවමත් පෙරේතකම යන්න ලිංගික තෘප්තියක් නොලැබීමෙන් එන හිස් බවක සැකය..අනෙක ආකූල මනස...මේ වගේ ගොඩාක් ඒව හැම සිතුවමක තියෙනව..මේව මගේ හිතලු වෙන්න පුලුවන් ..මට දුක ඒ සිත්තර චරිතය සහ ඔහුගෙන් පරිබාහිර සමාජය එක්ක තියෙන ගැටුම...එක අතකින් ඒ ගැටුමම තමයි ඔහු සුරතාන්තට පත් කරන්නෙ..ඒකට ඉඩ දෙන්න ඕන..ඔහු හෙට අනිද්දාට හතිවැටෙනවා...ඊට පසුව ඔහුගෙන් එලියටඑන සිත්තම් මීට වඩා ප්‍රබල වෙන්න පුලුවන් ..ඔහු දක්ශයෙක්...ඔහුගේ මානසික අරගලය ලිහා නොගන්න තරමටම තමයි අපිට නිර්මාණ බලාගන්න වෙන්නෙ..මම ඔහුව මනාව රස විඳින්නෙක්.
කියල වැඩක් නෑ සැලා මුංගෙ පිස්සු කතා. අපි ඔන්ඔහේ චිත්‍රයක් අඳගෙන ඉම්මු.
අන්න..අර මං කිව්ව රෝග ලක්ශන වලින් එකක්...
පැහැදිලිකවම ඒක ඇත්ත. නමුත් මගෙ ලෙඩේට කව්රුත් බෙහෙත් දෙන්නෙ නෑනෙ.ලෙඩෙකුට තනියම සනීප නවන්න බැරිනම් කව්රුහරි වෙද මහත්තයෙක් සනීප කරන්න ඕනෙ. ඇයි අපිව මැරෙන්න දාල බලාගෙන ඉන්නෙ. මමත් හරි කැමැත්තෙන් ඉන්නෙ මගේ ලෙඩේ සනීප කරගන්න. මේක බොහෝම ගෞරවයෙන් කියන කතාවක් ඩොට් මල්ලි දිගටම විස්තර කරගෙන යන්න. අඩුගානෙ සනීප වුනේ නැතත් ලෙඩේ හරි පැහැදිව අදුරගන්න පුලුවන් වෙයිනෙ.
Sarath Premathilaka Wasantha Namaskara ලියලත් බෑ නොලියත් බෑ..සාමාන්‍යයෙන් දියුනු මනෝවිද්‍යාවිද්‍යාත්මක ක්‍රමවේදයන් බාවිතා කරන රටවල බෙහෙත් කරන්නෙ රෝගියාට නෙවේ..ඒ රෝගියා වටේ ඉන්න අයට.කේන්ද්‍රය රෝගියා නම් ඒ අය වටහා ගන්නව කේන්ද්‍ර යේ අවුලක් කියන්නෙම බාහිරින් එන අවුලක ගොදුරක් කියල..ඒකයි ඉස්සර වෙලා එලියට බෙහෙත් කරන්නෙ ඇතුලට වඩා..නමුත් මට පේන විදියට වසන්ත නම් සිත්තරාගේ උමතුව මැනවින් නඩත්තු කල යුතු දෙයක්..හිනදුම සුනිල් සෙනවි හරි නන්දසේන රත්නපාල කියන සාදක නිසයි ඔබව ඔබ තුලම ස්වයං වින්දනය ලබන්නෙ..සුනිල් තමයි ඔබේ අනෙකා..ඒ කියන්නෙ මනෝවිද්‍යාවිද්‍යාත්මක වචනයෙන් කියනව නම් "other" .මේ දිනවල තව අනෙකෙක් ඔබ තුල ඉපදෙමින් සිටිනවා..ඒ හීන්කෙන්ද..සුනිල් ඔබට ප්‍රතිචාර නොදීම තුලයි ඔබ අපේක්ශා කරන විශම ලිංගික තෘප්තියක් ඔබෙන් ගිලිහී යන්නෙ..ඒකයි මට හිතෙන්නෙ ඔබට අර්තයක් එන ආවේශය උපදින්නෙ එලියෙන්..මම යෝජනා කරන්නෙ ඔබ එලියෙන් තෘප්තියක් ලබන අතර ඔබව හොයන්න මහන්සි ගන්න..එහෙම උනොත් ඔබට දවසක ඔබව හමුවෙනවා...එදාට ඔබ අදින සිතුවම ඔබ නොදන්නා දෙයක්..ඒක තමයි ඔබේ ජීවිතයේ සිත්තම...මීට එහා මම ලියන්නෙ නැහැ.
නොලියා ‍ඉන්න එපා කොහොමහරි ලියන්න. අලුත් දේවල් ඉගෙනගන්න පුලුවන්. මෙන්න මේ වචන ගොඩක් වැදගත්. දියුනු මනෝවිද්‍යාවිද්‍යාත්මක ක්‍රමවේදයන් බාවිතා කරන රටවල බෙහෙත් කරන්නෙ රෝගියාට නෙවේ..ඒ රෝගියා වටේ ඉන්න අයට. ඩොට් මල්ලි ලියන දේවලින් මගේ හිත රිදෙන්නෙවත් හිතට මොනවත් වෙන්නෙවත් නෑ. යමක් විවේචනය කලා කියලා ඔයත් එක්ක විතරක් නෙමෙයි කවුරුත් එක්කවත් තරහක් අමනාපයක් ඇතිවෙන්නෙත් නෑ. ඒ නිසා ඕන දෙයක් ලියන්න.

ගැහුවොත් එහෙමනම් පොඩ්ඩක් රිදෙයි. ඒ ඇරුනහම ඕවා ප්‍රශ්න නෙමෙයි. චිවේචන අදස් දැක්වීම් අත්‍යාවශ්‍ය දේවල්නෙ. ඕන දෙයක් ලියන්න. අනෙක ඩොට් මල්ලි මට ගහන්නෙ නෑ කියල මම දන්නවනෙ. ඔයත් එක්ක විරක් නෙමෙයි කා එක්කවත් තියෙන හිතවත්කම් නැති වෙන්නෙ නෑ. මොකද මම අදින චිත්‍ර මගේම කියල හිතන්න තරම් හේතුවක් නෑ.
උපුටා ගැනීම අවසන්
සාමන්‍යයෙන් චිත්‍ර ගැන කතා කරන්න ගිහින් කෙනෙක් ගොඩයන්නෙ නෑ. සිග්මන්ඩ් ප්‍රොයිඩ් පවා වැඩේ හරියන්නෙ නැති බව වැටහී ගිය නිසාවෙන් තමන්ට දුන්න සම්මානෙත් පිලිගත්තෙ නෑ. ඉතින් අපි බලමු සරත් ප්‍රේමතිලකගෙ රසවින්දනයට මොකද වෙන්නෙ කියලා.
ඔහුගේ අදහස්වල තියෙන්නෙ ප්‍රොයිඩ්ගෙ අදහස් වල වචන ටිකක් විතරයි.
නමුත් මේවා ගැන කතා කරන්න ගිය අපේ සුනිල් තවම කියවනව. මම සුනිල්ට ඒකාලෙම කිවුව ඔය අදහස් වැරදියි. ඕව නෙමෙයි චිත්‍ර ඇතුලෙ තියෙන්නෙ කියලා. මට ඒ කාලෙදිම තේරුනා මේ වැඩේ දිගට ගියොත් සුනිලවත් විනාශ වෙලා තවත් අහිංසකයින් විශාල ගනනකට හානිවන බව. නමුත් දැන් ඒ වැඩේ මම හිතුවටත් වඩා හොදින් සිද්ධවීගෙන යනවා.
ඒ නිසා මම දවසක් රෙකෝඩරයක් ගෙනිහිල්ල, සුනිල්ට කිවුවා ඔය ඔක්කෝම අදහස් මේකට කියන්න කියලා. මේ ගොනා දිගටම කියවනව. මේක මට ලැබුනු නිසා මම හිතනව එයින් සුනිලට මොකක් හරි යහපතක් වෙන්න ඇති කියල. 
මේ හඩපටය අහන්න.

මේකෙ එක තැනක සුනිල් කියනව, කලාව කියල දෙයක් නෑ. කලා කරුවෝ කියල කොටසක් නෑ. තියෙන්නෙ මුදල් උපයන ව්‍යාපාර විතරයි කියලා. මේ තමයි මානව ඉතිහාසයේ හිරිකිතම වචනය.
මේ හඩපටයට පස්සෙ ඒ අදහස්ම දසමයක් වෙනස් නොකර, තමන් එසේ නොවන බව පෙන්වීමට සුනිල් හඩපට ගොඩක් කලා.
මේක තමයි බාහිර සමාජයත් එක්ක තියෙන මගේ අරගලය. ඇත්තම කතාවනම් මට බාහිර සමාජක් තිබුනත් එකයි නැතත් එකයි.
නමුත් චිත්‍ර කලාව ඇතුලෙදි කාටහරි අහිංසකයින්ට හානියක් වෙනවනම් තමන්ට පාලනය කරන්න පුලුවන් සීමාව ඇතුලෙදි දැන දැනම ඒක වලක්වන්න පුංචි උත්සාහයක්වත් ගන්නෙ  නැත්නම් ඒක කුහක කමක්.
ඒත් ඒ අරගලය මට පාලනය කරන්න බැරි සීමාවකට යන නිසා මා එයින් ඉවත් වෙනව.



Comments