වසන්ත නමස්කර ගේ 664 වැනි සජීවී සමාජ සංජානන දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය

තවමත් ජීවමාන අතීත සෞන්දර්ය 



මේ තියෙන්නෙ ඉතාම දුර්ලබ ඡායා රූපයක්. මෙහි සිටින්නෙ ලංකාවේ පුරාණයේ සිට පැවත එන සිතුවම් පරපුරක එක් සංධිස්ථානයක් නියෝජනය කරන්නෙක්. නමින් ජීවන් නයිදෙ මහතා.
අද වනවිට එතුමා මිය ගියත් ඔහුගේ පරපුර නියෝජනය කරන්නන් ඔහුටත් වඩා දක්ෂ ආකාරයෙන් මේ වනවිට නිශ්ෂබ්ධව තමන්ගෙ නිර්මාන කටයුතු කරගෙන යනවා. ඒ කියන්නෙ පුරාණයේ සිට පැවතෙන සිත්තර පරපුර තවම ජීවමානයි.
ඔවුන් සමග කතා කලොත්, ඔබ විශ්මයට පත්වේවි සෞන්දරයය පිලිබද ඔවුන්ගේ දැණුමින්. මේ කතාව තවත් විදිහකට කිව්වොත් ජාතික අධ්‍යාපනයෙන් බාහිරව විශාල දැණුමක් චිත්‍ර කලාව සම්බන්ධයෙන් පවතිනවා. ඇත්තටම කිවුවොත් මේ වනවිට ලංකාවේ චිත්‍ර කලා අධ්‍යාපනයම විහිලුවක් වෙලා. ඔවුන් චිත්‍ර කලාව හැරුනුවිට අනෙක් සියලුම දේ දනියි. සියලුම දේ කරයි.
හරිනම් මේ අය හොයල ඔවුන් සංරක්ෂනය කරන්න ඕනෙ. ඔවුන් තමයි මානව විද්‍යාවේ ජීවමාන සාධකයන් වන්නේ. කොහෙද අපේ රටේ සංස්කෘතික දෙපාර්ථ මේන්තුවට, සංස්කෘතික ඇමති වරුන්ට, විශ්ව විද්‍යාල වලට, කථිකාවාර්ය සේවකයින්ට තමනගෙ වැඩේ නැකිව කරන්න බොහෝ වැඩ රාශියකි.
මේ අය හොයල ඔවුන්ව අඩුගානෙ සිලබස් එකකටවත් ඇතුල් කරන්න උවමනාවන් නෑ. එතකොට ඕන කෙනෙක් හොයාගෙන යයිනෙ. තමන්ට පැවරුනු ඒ කාරනයට වඩා ඔවුන්ට වැඩ කටයුතු බොහොමයක් තිබෙන නිසා අපි ඔවුන්ට අනුකම්පා කරමු.

Comments