වසන්ත නමස්කර ගේ 671 වැනි දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය

නාසය සහ Septoplasty



සිතුවමක ගුණාත්මක බව තීරනය වෙන්නෙ සුන්දරත්වය මත පමණක්ම නොවෙයි. මම මේ කතාව කිව්වහම විද්වතුන් බක බක ගාල සිනාසුනා. ප්‍රශ්නයක් නෑ ඔවුන්ගේ මායාවෙ ඔවුන්ට සැනසීමට ඉඩහැර මම නිහඩ වුනෙමි.
දෘෂ්‍ය කලාවේ ප්‍රධාන සිද්ධාන්තයක් තමයි වෙනස්වීම. ඒක කිව්වහම විද්වතුන්  කොක්හඩලා සිනාසුනා. ප්‍රශ්නයක් නෑ ඔවුන්ගේ මායාවෙ ඔවුන් සැනසෙත්වා.
දෘෂ්‍ය කලාවට සඳහා මනෝවිද්‍යාක්මක ප්‍රවේශයක් අත්‍යාවශ්‍යයි. මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් නැතිව කොහොමද චිත්‍රයක් ඇතුලට පිවිසෙන්න. එවිට සියලුම විද්වතුන්  ගල් ගැසුනාසේ නිශ්ශබ්දයි. ටික වේලාවක්න් සියලුම දෙනා ප්‍රශ්නය නොඇසුනා සේ ක්‍රමයෙන් සුපුරුදු ලෙසම තමතමාගේ වැඩ ආරම්භ කරයි.
වසර ගනනාවකට පසුව හතිවැටී තැන් තැන් පල ඇද වැටුනු විද්වතුන් මා එදා කියූ කාරනාව එකිනෙකා මුමුණනවා ඇසෙයි. එහෙත් ඒ වනවිට ඔවුන්ගේ කාලය පියාඹා‍ගොස් හමාරය.
මානව රූපයේ නාසය කියන්නෙ ඇඳීමට ඉතාම අපහසු තැනක්. නාසය දෙපස නිරතුරුවම පවතින සෙවනැල්ල  හදුනා ගැනීම ප්‍රශ්නයකට මැදිවීම තුලින්ම සිදුවන්නකි. මෙය සාර්ථකව හදුනාගත් ශිල්පියා පිකාසෝය. ඔහු නාසය වටා අපව චාරිකාවක ගෙනයයි. ඒ ගැන ඔබට මේ හොදටෝම ඇති.
එක්තරා දිනෙක මගේ මිතුරියකගෙන් මැසේජ් එකක් එනවා, අය්යා මගේ නහය ඔපරේෂන් කලානෙ.
ඇය සීගිරි අප්සරාවක් වගේ ලස්සනයි. ඇගේ නාසයෙන් සුන්දරත්වය ගැන ඉගෙනගත් දේ බොහෝය. ‍එහෙත් ඒ නාසයේම ප්‍රශ්නයක් තිබෙන බව ඇය, මා හෝ වෙනත් කිසිවෙක් දැන සිටියේ නැත. ඒ රෝගයට කියන්නෙ septoplasty යනුවෙනි.
දැන් ඒ නාසයේම කුඩා කැළලක් තිබෙයි. දැන් අප සිතුවමක් ලෙස සලකන්නේ කිනම් නාසය සහිත සිතුවමද? එහෙත් මේ සිතුවම් ඔබට මා මෙහිදී පෙන්වන්නේ නැත. එහි Moods සහිත සිතුවම් පමනක් පෙන්වමි. නමුත් ඒවායේ ගුණාත්මක බවේ කිසිම අඩුවක් නැත.
වෙනස් වීම කියන්නෙ දෘෂ්‍ය කලාවේ ප්‍රධාන සිද්ධාන්තයක්. එය වටහා ගැනීමට දෘෂ්‍ය කලාව සදහා මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් අත්‍යාවශ්‍යමය.


වසන්ත නමස්කර ගේ 670 වැනි දෘෂ්‍ය  කලා ප්‍රදර්ශනය

චිත්‍රය සහ සමාජ විද්‍යාව



මානව රූපය ඇඳීම අවසානයේ හිතලග නවතිනව. ඒ නිසාවෙන් කලාව සම්බන්ධයෙන් මනෝ විද්‍යාවිද්‍යාත්මක ප්‍රවේශයක් අත්‍යාවශ්‍යය.
දිනක් මහනුවර සිට ගම්පොළ දක්වා බසයකින් ගමන් කරයි. මගේ ඉදිරි අසුනේ දෙදෙනෙක් මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ගේ හිගන්නන් පිලිබඳ පර්යේෂන පොත පිලිබදව කතා කරයි. ඒ කතාබහට අනුව මහාචාර්ය රත්තපාල මහතා දෙවැනි වන්නේ බුදු හාමුදුරුවන්ට පමනි. මමත් ජපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හැදෑරීමට පැමිනීමට ප්‍රථමව සිතා සිටියේ ඒ ආකාරයටමය.
අප මිනිසුන් හෝ දෙයක් පිලිබදව අධ්‍යයනය නොකර කරනු ලබන පූර්ව පූර්ව තීරන වැරදීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩිය.
රත්නපාල මහතා කුඩා සත්‍යයක් වටා බොරු ගොඩාක් ලිව්වේය. එය මෙතැන කිව්වොත් ඔවුන් මා පිස්සෙක්  හෝ මෝඩයෙක් කියා සිතයි. නැත්නම් ඉරිසියා කාරයෙක් කියා සිතයි. වඩාත්ම හොද ඔවුන්ගේ මායාවේ ඔවුන්ට සැනසීමට ඉඩහැර නිහඩ වීමයි.
මෙවැනි අදහසක් ලගදී ප්‍රසිද්ධ කලා විතරයි ජපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හැදෑරූ බොහෝ දෙනෙක් ශිෂ්ඨාචාර ගත නොවූ වල් සතුන් ලෙස ගෙරවීමට පටන් ගත්තේය. ඒ ඔවුන්ගේ උගත්කම සහ උපාධිය නන්නත්තාර වන නිසාවෙනි. උගත්කම හෝ උපාධිය කියා ඕනෙම බොරුවක් ප්‍රදර්ශනය කරගෙන සිටීම අද අධ්‍යාපන රටාවේ ප්‍රධානම ලක්ෂනයකි. චිත්‍ර කලාව නොතිබෙන්නට අපද එහිම කොටස් කරුවන් වන්නට ඉඩ තිබුනි.
චිත්‍රය කලාවේ සිද්ධාන්තයන් තුලට අදාල කාරනය යොදා බැලීමේ දී එහි නියම ස්වරූපය පැහැදිලි වෙයි. එහෙත් මේ කිසිවෙක් සිතුවමක් ඉදිරියේ මොහොතක් වත් නවතින අය නොවේ. සුන්දරත්වය පමනක් වටිනා දෙයක් ලෙස සලකයි. උපාධිය වගේ.

ඒ නිසා දෘෂ්‍ය කලාවට පමනක් නොව මිනිසුන්ගේ සියලු ක්‍රියාකාරකම් සදහා මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් අත්‍යාවශ්‍යය. සිතුවමක් තුල තිබෙන්නේම මනෝ විද්‍යාත්මක ප්‍රවේෂයක්මය.


































































Comments