වසන්ත නමස්කර ගේ 676 වැනි ස්ථාපන  කලා ප්‍රදර්ශනය

චිත්‍රය සහ සමාජ විද්‍යාව




සපුරුදු ලෙස මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා සමග මා ජපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයනාංශයේ කොරිඩෝවේ ගමන් කරයි. බලපං බලපං චිත්‍ර මහත්තයා හොද හොද බඩු ඉන්නවද කියලා. අනේ මුං ජංගි එහෙම ඇදලද දන්නෙ නෑ. මමත් ඉතින් බ්ලූ ෆ්ල්ම් පන්සීයක් විතර බලල තියෙනවා. රත්නපාල මහතා කියයි.
ඉතා සමීප වී උප සංස්කෘතික තත්වයක් ගොඩනැගුන පසුව, ලිංගික ජීවිත ගැන කතා කිරීම රත්නපාල මහතාගේ සාමන්‍ය චර්යාවකි. එහෙත් ඔහු මහා සංස්කෘතිය නියෝජනය කරන අවස්ථාවේ දී ඊට හාත්පසින්ම වෙනස් චර්යාවක් ගොඩනගා ගනියි. එහි ඇත්තේ පරම පවිත්‍ර තත්වයකි. මුල් කාලයේ දී ඔහුගේ මේ අත්භූත චර්යාව මාහට මහා ගැටලුවකි. එය කුමක්දැයි වටහා ගැනීමට වසර විස්සක් පමන ගතවිය. ඒ විවිධාකාර සමාජ තරාතිරම් නියෝජනය කරන පුද්ගලයින්ගේ වර්යාවන් වටහා ගැනීම සදහාය.
සියලුම දෙනා ලිංගික ජීවිතයට අධික කැමැත්තක් දක්වයි. එය ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව, සමාජ ප්‍රගමනය ආදී වේශයන් මවාගෙන පැමිනීම විශ්මය ජනකය. එහි අනෙක් පැත්ත ද්වේශය, වෛරය, කුහකත්වය, කෝලාහල, මහා අරගල, ලේ වැගිරීම්, සියදිවි නසා තැනීම් ආදී බිහිසුනු ක්‍රියාවන් ලෙසින්ද මතුවෙයි.
මේ සොයා යාමේ අවසානයකට ලගාවී ඇතිබව වැටහීගියේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ පොත්පත් අතර ගැවසීමෙනි. එක් දිනක් ඔහුට තම මවගේ සිරුර දැකීමෙන් ඇය සමග රාගික සිතිවිලි වලින් බැදී ගොස් සංසර්ගයේ යෙදීමට සිතුන බවත්, පසුව ඒ ඔස්සේ සොයා ගිය ඔහු මිනිසුන්ගේ චර්යාවන් පුරාම ලිංගික ජීවිතය පැතිරී ඇති ආකාරය දීර්ඝ ලෙස  විස්තර කරයි. (ඔබ මේ කරුණු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගැන සොයා යාමෙන් වටහා ගන්න.)
ඊලගට විනය පිටකය කියවීමෙන් බුදුන් වහන්සේ ‍සිග්මන්ඩ් ෆ්‍රෝයිඩ්ටත් වඩා ඉතාම දරුණු ආකාරයෙන් මිනිසුන්ගේ ලිංගික ජීවිතය පිලිබද හෙලිදරව් කරයි. මා ඒ හෙලිදරව්වට කැමති එහි දෙබිඩි චර්යාවක් නැති නිසාවෙනි.
ඒ කරුණු අනුව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාට ඔහුගේ දෙබිඩි වර්යාව නිසාවෙන් මොනම ආකාරයකින්වත් දොස් පැවරිය නොහැක.

Comments