වසන්ත නමස්කර ගේ 680 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

ජපුර විමුක්ති අරගල කරුවන් සමග
සමාජ විද්‍යඥ මහාචාර්ය නන්දසේන රත්නපාල




ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විමුක්ති අරගලය මෙහෙයවූ කීපදෙනෙක් අද පාර්ලිමේනුතු මන්ත්‍රීවරුන්ය. තවත් බොහෝ දෙනෙකුට තනතුරු ලැබීමෙන් පසු විමුක්ති අරගලය අමතකවී ඇත. තවත් අය තනතුරට ගැලපෙන දැණුම නැති නිසා තනතුර රැක ගැනීමට  පටාස්ගාල විමුක්ති අරගලය පටන් අරගෙන පිස්සු නටයි.
එක්තරා දිනෙක අද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වී සිටින කීපදෙනෙක් වටවෙලා මහා සමාජ විද්‍යඥ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා දේශනයකට කැදවා ගන්න උත්සාහයක.
මමත් සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා රත්නපාල සර් එනකල්. අදනම් විමුක්ති අරගලයන් ගැන හොද දේශනයක් අහන්න පුලුවන් යන චේතනාවෙන්.
කොහොමහරි රත්නපාල සර් විමුක්ති අරගල කරුවන්ගේ ඉල්ලීම හීන් නූලෙන් මගහැරිය.
මම අත්දැකීමෙන්ම දන්නවා රත්නපාල සර් තනියම මුනගැසීමෙන් සහ ඔහුගෙන් ප්‍රශ්න නොඅසා සිටීමෙන් ඔහු වැදගත් යමක් උගන්වන බව.
මම රත්නපාල සර් එන පෙර මගට ගියෙමි. ආ චිත්‍ර මහත්තයා තෝ මොකද මෙතන කරන්නෙ. ඔය පිස්සු පකයින්ගෙන් වැඩක් නෑ බං. ඔය පකයි කැම්පස් එකෙන් අවුට්වෙලා ගෙදර යනකොට උන්ගෙ මොලේ කැම්පස් එකේ ගේට්ටුව ලගින් තියල යනව. කියමින් රත්නපාල මහතා මා පසුකර ගියේය.
එදා පටන් විමුක්ති අරගල කරුවන් ගේ චර්යාවන් අධ්‍යයනය කලෙමි. ලක්දිව සරසවි තුල විමුක්ති අරගල කරුවන් තැන මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ නිර්වචනය කෙතරම් නිවැරදි දැයි අද ඉතා පැහැදිලිය.








Comments