වසන්ත නමස්කර ගේ 689 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

මගේ ජීවිතය බේරාදුන් සුර ධූතිකාව
 Maithili Thakur




ඉතාම අඩු වයසකින්, කලා‍ ලෝකයට පැමිණ, තමාගේ කාර්යය සාර්ථකව අවසන් කල, ඉන්දීය ගායිකා Maithili Thakur වෙනුවෙන් මගේ සිතුවම් අතර බොහෝ ඉඩ වෙන්වනු ඇත. ඇය කලා භාවිතය හසුරුවන ආකාරය අපට බොහෝ දෑ උගන්වයි. ජීවිතයේ අවසන් කාලයේ දී කලයුතු වැඩ, ඇය වයස 19 දී අවසන් කර ඇත. ඇගේ මිහිරි කටහඩ වගේම සුන්දර රූපය අව්‍යාජ ගායනය, රංගනය අපව සනසාලයි.

මේ සිල්ලටම වඩා පුදුමය නම් කලාව ගැන ඇගේ නිරවුල් පැහැදිලි කිරීමයි. කලාව ගැන දන්නා මහා විද්වතුන් පවා ඇය ඉදිරියේ අසරණ වනු ඇත. සමාජය සමග අවුලකට නොයා තමාගේ කාර්යය සාර්ථකව කරන ආකාරය ඇය විසින් මාහට ප්‍රායෝගිකව කියාදී, ව්‍යාජ බුද්ධිමතුන්ගේ අවුල ඇය විසින් මා ඉදිරියේ ලිහා දමා ඇත.

මිනිසුන්ට පෙර ආත්මයක් තිබෙන බවට මෙය හොදම සධකයකි. නැතිනම් මේ මේ වයසේදී මෙවැනි දෑ කල නොහැක. නිර්මාණ කාර්යය අවංකවම සිදුකරනවා නම්, මාරයා විසින් හෝ ඔබව බේරාගනු ඇත. එය සිදුවන්නේ කෙසේදැයි සිතාගැනීම පවා අපහසුය.

Comments