වසන්ත නමස්කර ගේ 690 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ජීවිතය සහ කලාව බේරාදුන් දෙව්දුව



ඔබ හමුවීමට ප්‍රථමව මාහට සිතුවම් ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම සදහා වසරක පමන කාලයක් ගතවේ. එහෙත් දැන් ඒ සදහා ගතවන්නේ පැය කීපයක් පමනි.
ඔබ හමුවීමට ප්‍රථමව මා ආචාර්ය මහාචාර්ය ආදී විද්වතුන් බොහෝ ගනනක් ඇසුරු කලේය. ඔවුන්ගේ උපදේශයන් වූයේ එක් ප්‍රශ්නයක් විසදා ගැනීමට තවත් ප්‍රශ්නයක් අල්ලා ගැනීමයි.
එය වැරදි බව කල්පනා කරමින්, ඒ සදහා පිලිතුරක් සොයමින් සිටින අතර, දෙවියන් විසින් ඔබ මාහට හදුන්වා දුන්නාදැයි මට සි‍තෙයි. ඔබ හමු නොවන්නට මාහට මේ ප්‍රශ්නය විසදා ගැනීමට තවත් බොහෝ කලක් ගතවනු ඇත.
එහෙත් මුලින් මා ඇසුරුකල විද්වතුන් තවමත් ප්‍රශ්න විසදනවාය කියමින් තවත් ප්‍රශ්න මවමින් සිටිනබව පෙනේ.




Comments