වසන්ත නමස්කර ගේ 683 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

චිත්‍රය සහ සමාජ විද්‍යාව
(ලක්දිව ශිෂ්‍ය ව්‍යාපාරය, රත්නපාල සහ ඇටමැස්සා)


ජපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාර අතර මහා උද්ඝෝෂනයකි. දැන් ජපුර විශ්ව විද්‍යාලයේ පීටාධිපතිව සිටින ශිරන්ත හීන්කෙන්ද (මගේ මිත්‍රයා) තෙල් බැම්ම උඩට නැග නාසය අල්ලමින් ප්‍රබල කතාවකි. තවත් මිතුරන් කුඩා ලවුස්පීකර් පිටේ එල්ලගෙන කලිසමේ කක්කා යන තරමට කෑගසමින් අතිප්‍රබල දෙසුම් පවත්වයි. එහෙත් කරන කතාවක් හෙමින් කතා කරගන්න පුලුවන්.  
විදුලි වේගයෙන් පැමිනි තවත් මිත්‍රයෙක්, මචං මේක තියාගනින් කියමින් පොතක් අතට දුන්නේය. මැක්සිම් ගොර්කිගේ ඇටමැස්සා. අනේ මන්ද ගෝර්කිගේ අරගලය වෙන එකක් මුන්ගෙ අරගලය වෙන එකක්. මිතුරන් නිසා මොකුත් කියන්නත් බෑ.
මා සමාජ විද්‍යා අධ්‍යයනාංශය පැත්තට ගියේ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ඈතින් හෝ දැකීමටය. ඔහු නොදුටුවොත් කැම්පස් ගියේ නෑ වගේ දැනෙනවා.

වසන්ත නමස්කර ගේ 684 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
(චිත්‍රය සහ සමාජ විද්‍යව)

සමාජ විද්‍යඥයින් කුරුබිලියෙන් පැනයාම



මම හිතුවා හරියටම හරි. ජපුර සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ සියලු ගුරුවරුන් කුරුබිලියෙන් පැනගොස්ය.
ජපුර සමාජ විද්‍යා අධ්‍යයනාංශය පැත්තේ බැම්මේ කුඩා ගේට්ටුවක් තිබේ. එහි උප සංස්කෘථික නාමය කුරුබිලියයි. එය දෙවැනි පටුමගට විවෘත වී තිබෙයි. ‍එයින් ‍පිටවන ‍කෙනෙකුට ඉතා පහසුවෙන් සෝරත මාවත ඔස්සේ හයිලෙවල් පාරට පැමිනිය හැකිය.
සිසුන් ජපුර විශ්ව විද්‍යාලය තුල මාරාන්තිකව කුලල් කාගන්නාවිට, සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ගුරුවරුන් හීන්සීරුවේ මේතැනින් මාරුවී හොර රහසේ නිවෙස් බලා යයි. ප්‍රශ්නයක් තිබෙන තැනදී සමාජ විද්‍යාඥයින් හොරෙන්ම පලායාම එදා මා හට මහා ගැටලුවකි.

වසන්ත නමස්කර ගේ 685 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
(චිත්‍රය සහ සමාජ විද්‍යව, අරගල කරුවන්ගේ මුහුණු බැලීම.)

පක නෙමෙයි පකෝ මූන බලපං 



රත්නපාල මහතා අධ්‍යයනාංශයේ තනිවම‍ ජනේලට දත්දෙක තබාගෙන සිටියි.
ආ...... චිත්‍ර මහත්තයා ඇයි තෝ යන්නෙ නැද්ද අම්මට හැමනෙන්න.
නිහඩව හිටියෝ රත්නපාල මහතා යමක් උගන්වන බව මා අත්දැකීමෙන්ම දනියි.
රත්නපාල මහතා ඉන්න විදිහෙන් මට පෙනෙන්නේ ඔහුට උද්ඝෝනය පෙනෙන බවයි. ඒත් මේ ජනේලයෙන් පිටත බොහෝ දුරක් නොපෙනෙයි. හඩ පමණක් ඇසෙයි. ඇත්තටම රත්නපාල සර් මොකක්ද මේ බලන්නෙ, කියා බැලීමට මමද පහත්වී ඊලග ජනේලයෙන් බැලුවෙමි.
පකද පකෝ යටින් බලන්නෙ. ගිහින් ඔය පකයින්ගෙ මූණු බලපිය. රත්නපාල සර් මා නොසිතූ මොහොතක මාහට නොසිතූ යමක් ඉගැන්නුවේය.
ඔහුකියන්නේ අරගල කරුවන්ගේ මුහුණු අධ්‍යයනය කිරීමටය. එයින් ඉගෙනීමට ඇතිදේ බොහෝය. ඔහු එදා කියාදුන් පාඩම සිතුවම් කලාව නොදැන සිටියානම් කිසිදිනෙක තේරුම් ගැනීමට නොහැකිවනු ඇත.
ඔහු සමග ඇත්තටම මිතුරු වීමෙන් පසුව සභ්‍ය කුමක්ද අසභ්‍ය කුමක්දැයි නොවැටහීයයි. එහෙත් උපසංස්කෘතිය සහ මහා සංස්කෘතිය අතර වේගයෙන් මාරුවීමේ වි‍ශේෂ හැකියාවක් ඔහු සතුවිය. එහෙත් ඔහු ඇසුරු කල බොහෝ දෙනෙක් මෙය වටහා ගත්තේ නැත.

වසන්ත නමස්කර ගේ 686 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
(චිත්‍රය සහ සමාජ විද්‍යව, ලක්දිව ශිෂ්‍ය ව්‍යාපාර ගැන මහා සමාජ විද්‍යඥ නන්දසේන රත්නපාල මහතාගේ මතය.)

ඔය පකයින්ගෙ ඇටේවත් මැස්යෙක් නෑ බං



ජනේලයෙන් අත්දෙක ගත් රත්නපාල සර් ඉදිරියට විත් මේසය මත තිබෙන පොත දැක, ඔය පකයින්ගේ ඇටේවත් මැස්සෙක් නෑ බං. කියමින් යන්ට ගියේය.
තේනපාල සර්ට දිවැස් තිබෙනවා දැයි එදා මට සිතුනි. මේ පොත මගේ නොවන බවත් ශිෂ්‍ය සංගමයේ අරගල කරුවන් විසින් කියවියයුතු පොතක් බවත් ඔහු දැනගත්තේ කෙසේ ද?
අදටත් සරසවි අරගල කරුවන් සලිසමේ කක්කා යන්න කෑ ගසමින් සිටියි. රත්නපාල මහතා කියන ආකාරයට අරගල කරුවන් සරසවියෙන් පිටව යනවිට මොළය සරසවියේ ගේට්ටුව අසලින් තබා යයි.



























Comments