වසන්ත නමස්කාර ගේ 691 වැනි දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
(චිත්‍රය සහ සමාජ විද්‍යාව)

මිතුරන් බ්ලැක් ලිස්ට් වීම




බෝධිසත්වයන් වහන්සේ බුදු වීම සඳහා ඉතා දරුනු ලෙස භාවනාවේ යෙදුනේය. එක් දිනක් මහා කැලයේ ගසක් යට ක්ලාන්තව ඇද වැටුනේය.
ගමේ හරක් බලමින්සිටි කොල්ලන් රැලක් උන්වහන්සේගේ දෙකනේ කොටු ගසා කටට මූත්‍රා කලේය. මම අසා තිබෙන්නේ ඒ ආකාරයටය.
මේ අතර එතැනට පැමිනි ගමේ ගොපලු කෙල්ලක් කොල්ලන්ට බැනවැදී ඔවුන් එතැනින් එලවා දමා, කටට කිරි ටිකක් වක්කර සිහි ගන්වා, ගෙදර කැදවාගෙන ගොස් හොන්ඳි කන්ට බොන්ට දී ටිකදිනකින් මෙහෙම ඇහුවා. ඔයා නොකා නොබී මැරුනොත් කවුද? බුදු වෙන්නෙ.
ඉන් පසුව උන්වහන්සේ ටික ටික ආහාර ගත්තා. මේ වනවිට උන්වහන්සේට උපස්ථාන කල පස්වග තවුසන් උන්වහන්සේ හැරගොස්ය.
පසුව බුදුන් වහන්සේ තනියම බුදු වුනා. මම හිතන්නෙ බුදුන් වහන්සේට බුදු වෙන්න පාර පෙන්නුවේ අර ගොපලු කෙල්ල.
පොතේ නැති වුනාට බුදුන් වහන්සේ ඉස්සෙල්ලම බණ කියන්නත් ඇත්තෙ අර ගොපලු කෙල්ලට.
මේ වනවිට බෝධිසත්වයන්ට බුදු වීමට පාර කිවුවේ කවුද? උන්වහන්සේ සිහිසුන් වූ අවස්ථාවේ කනේ කෝටු ගසා කටට මූත්‍රා කලේ කව්දැයි පැහිදිලිවම හදුනාගෙන ඇත.
සමහර අවස්ථා වලදී, මගේ සිතුවම් අතර අඳුරු වර්ණයන් සහ හඳුනාගත නොහැකි ගුප්ත හැඩයන් මතුවෙයි.
ඒ පෙර සදහන් ගොපලු කොල්ලන් හෙවත් මිතුරන් බ්ලැක් ලිස්ට් වීම නිසාවෙනි. මෙම හඩපටයට සවන් දෙන්න. 


මෙම අදහස් වලින් කවුරුන්‍ හෝ කලාව කුමක්දැයි තේරුම් ගන්න උත්සාහ කලොත්, ඔවුන් සියලුම දෙනාට අනිච්චාවත සංඛාරා.




Comments